මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිදියාවේ යුතුකම, තිබිය යුතු ගුණාංගය රජයක් විදියට අපි පවත්වාගෙන යනවා - කම්කරු අමාත්‍ය

    ජූලි 12, 2023

    මෙරට සිටින සෑම පුද්ගලයෙකුටම එක හා සමාන ආකාරයට සැලකීමත්, සංහිඳියාවේ යුතුකම සහ තිබිය යුතු ගුණාංග රජයක් විදියට පවත්වාගෙන යාමට කටයුතු කරන බවටත්, එසේ කිරීමට උතුර දකුණ භේදයක් නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (10 දින) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

    උතුරටත් - දකුණටත් කිසිදු භේදයක් නොමැතිව, සලකන බවට වන පණිවුඩය රැගෙන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජංගම සේවය වන ග්ලෝකල් ෆෙයාර් 2023, ලබන 15 සහ 16 යන දින දෙකේ දී යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව මේ රටේ සිටින සියලුදෙනාටම එකමාකාරයෙන් සේවාවන් ලබාදෙනවාය යන්න පණිවුඩයත් ග්ලෝකල් ෆෙයාර් හරහා රැගෙන යාමට කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. “අපි දකුණ නියෝජනය කරන දේශපාලඥයෝ. අපි දකුනේ දේශපාලඥයෝ කියලා සමහරු හිතනවා. හැබැයි අපිට උතුර දකුණ කියලා භේධයක් නෑ. මුළු රටම විදියට අපි වැඩ කරන්නේ. උතුරට සිදුවන අසාධාරණකම් ගැන කතා කරන විට දකුණෙන් අත්හදාබැලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා, පළමු වැඩපිළිවෙල යාපනයෙන් ආරම්භ කරනවා. මේ හරහා මිනිස් ජාවාරම වැලැක්වීමට, විවිධ ජාවාරම්වලට අහුවෙන අය ඒවාට අහුවීම වැලැක්වීමට, පුහුණුවක් නැති අය විදේශ රැකියාවලට යනවා වෙනුවට
    පුහුණුවක් ඇති අය විදේශ රැකියා සදහා යොමු කිරීමට, විදේශ රැකියාවලට යාමේදී අවශ්‍ය දැනුවත් කිරීම් පහසුකම් ලබාදීමට අපි මෙහි දී කටයුතු කරනවා.

    කොළඹට ඇවිත් අපේ අමාත්‍යාංශයෙන් ලබාගන්න සේවාවන් සියල්ලම අපි කොළඹට එන්නේ නැතිව යාපනයේදීම ලබාගැනීමට මෙහිදී අවස්ථාව ලබාදෙනවා. පුහුණුවීම්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් සම්බන්ධ ගැටලු, විදේශ රැකියා අමාත්‍යාංශයට සම්බන්ධ කාරණා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ සේවාවන් එකම තැනදකී ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව එනවා වගේ පාසල් දරුවන්ට අධ්‍යාපනයට උදව් කිරීම්, ප්‍රජා සේවා අවස්ථාවන් ලබාදෙනවා. අපිත් එක්ක විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව අත්වැල් බැදගෙන ඉන්නවා. සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වගේ ආයතන හැම එකක්ම මෙතැනට එනව. දවස්  ණනාවක් ඇවිත්, පෝලිම්වල ඇවිත් කරගන්න තියෙන සේවාවන් සියල්ලම මෙතැනදී ලබාදීමට කටයතු කරනවා. ” යනුවෙනි

    දෙමළ භාෂාව කතා කරන අයට, ඒ භාෂාවෙන්ම අවශ්‍ය සේවාවන් ලබා දීමටත්, දේශීය - විදේශීය රැකියා අවස්ථාවන් ලබාගැනීමටත්, පුහුණුව තිබෙන ඒත් සහතික නොමැති අයට වෘත්තීය පුහුණු අධිකාරිය හරහා සහතික ලබා දීමටත්, ආබාධිත අය සම්බන්ධයෙන්, ඔවුන්ට රැකියා ගත කිරීම්, පුහුණු කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය සේවාවන් ලබා දීමටත්, වෘත්තීය ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමටත් මෙහි දී කටයුත් කෙරෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya