මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අස්වැසුම” අභියාචනා හා විරෝධතා සළකා බැලීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරනවා- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    ජූලි 12, 2023

    “අස්වැසුම” අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් සළකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

    “අස්වැසුම” සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාල සීමාව ජූලි මස 10 වැනිදායින් අවසන් විය.

    මෙම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසි සිදු කරනු ලබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එමෙන්ම මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින් , “අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya