මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාල ඖෂධ රටට ගෙන්වා ගැනීමට කිසි දිනෙක කටයුතු කර නෑ

    ජූලි 11, 2023

    බාල ඖෂධ රටට ගෙන්වා ගැනීමට කිසි දිනෙක කටයුතු නොකළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය .

    ඒ මහතා මේ බව පැවසුවේ , අද (11) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.

    අතැම් ලියාපදිංචි වූ ඖෂධවලද යම් යම් සංකූලතා ඇති වීමට ඉඩ ඇති බව කී අතිරේක ලේකම්වරයා , ඇතැම් ඖෂධ රොගීන්ට ලබා දුන්විට එයින් සංකූලතා ඇතිවුවහොත් ඒ සඳහා සෞඛ්‍ය කාර්‍ය් මණ්ඩලය කඩිනමින් ප්‍රතිකාර ලබා දෙන බවත් පර්‍යේෂණ සිදු කර එම ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට අදාළ ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කරන බවද කීය .

    මේවන විට රටේ භාවිතා කරන ඖෂධවලින් 80% පමණ ඉන්දියාවේන් ගෙන්වන බව කී ඒ මහතා , ඉන්දියාවේ ඖෂධ සැපයුම්කරුවන් මෙරටට ඖෂධ ලබා දෙනුයේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලයෙන් ඖෂධ සඳහා නිර්දේශයක් සහ පූර්ණ අනුමැතියක් ඇතිව බවද කීය. එසේම මෙරටට ඖෂධ ගෙන්වීම අද ඊයේ නොව පෙර සිටම සිදු කළ දෙයක් බවද අතිරේක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya