මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයි.එම්.එෆ්.ඉදිරිපත් කර තිබෙන කොන්දේසි රාශියක් ඉටු කළා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 11, 2023

    මේ වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පළමු වාරිකය පමණක් ලැබී ඇති අතර දෙවන වාරිකය මෙරටට නිකුත් කරන්නේ ඔවුන් ඉදිරිපත් කර ඇති කොන්දේසි කවර ප්‍රමාණයකට ඉෂ්ට කළේ ද, ඒ සඳහා සද්භාවයෙන් උත්සාහ ගෙන තිබේ ද, යනාදිය පිළිබඳව බැංකුවක් වශයෙන් සියුම් ලෙස සමීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මේ වන විට ඉදිරිපත් කර තිබෙන කොන්දේසි රාශියක් මේ වන විට ඉටු කර තිබෙන බව ට පැවසු අමාත්‍යවරයා, බදු ගැලපුම් තුළින් රජයේ ආදායම වැඩි කරගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරිමමඟින් මෙරට බදු ආදායම වැඩි කර ගැනීමට කටයුතු කිරීම, පිරිවැය පිළිබිඹු වන මිල පතිපත්තියක් යටතේ ගෑස්, ඛනිජ තෙල්, යනාදියට ,මිල සූත්‍ර හඳුන්වා දීම, වංචා දූෂණ අක්‍රමිකතා වලට අදාළ ව දූෂණ වැළක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරවීමට මේ වන විට කටයුතු සම්පාදනය කර තිබීම, රාජ්‍ය මුල්‍ය විශාල ලෙස කපා හැරීමට රාජ්‍ය වියදම් තීරණය කර ක්‍රියාත්මක කර තිබීම යනාදී ය සිදු කර තිබෙන බව පැවසීය.

    එමෙන්ම, අලාභ ලබන රාජ්‍ය ව්‍යා සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල ශේෂ පත්‍රය සකස් කර එම ණය රජයට පවරාගනිමින් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කිරීමට විශේෂඥයින්ගේ සේවාව ලබා ගැනීමට ඉල්ලුම් පත් කැඳවා තෝරාගැනීමට කටයුතු කිරීම, හා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර තිබීම යනාදිය ද ඉටු කර තිබෙන අතරම වෙනකවරදාකවත් නැති ආකාරයෙන් වැටුණු තැනින් ගොඩ එම සඳහා මෙරට ජනතාව ද තමන්ට දැරිය හැකි ප්‍රමාණයටත් වඩා කැප කිරීමක් කර තිබෙන බවත්, ඒ අනුව සැප්තැම්බර් මාසය වන විට මේ සියල්ල ඉතා හොඳ තත්ත්වයට පත්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya