මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාකරන ඇතැම් පිරිසකගේ අභිමතයට ඉඩ දිය නොහැකියි - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  

    ජූලි 11, 2023

    ජාතික උවමනාවක් වෙනුවන් මෙන්ම ජාතියේත්, ජාතික ආර්ථිකයත් උදෙසා සිදු කරන කටයුත්තක් වෙනුවෙන්, රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බවත්, පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාකරන ඇතැම් පිරිසකගේ අභිමතයට ඉඩ දිය නොහැකි බවත් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය විශාල මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන මාර්ගය මධ්‍යයේ පඬු කරඳ ශාකයක් වසර සියයක් පමණ පැරණි ශාකයක් බවටත් එය මෙරට තිබෙන  එකම පඬු කරඳ ශාකය බවට ද ඇතැම් පිරිස් පෙන්වා දෙන අතර එය ඉවත් කිරීම සම්බන්ධව පසුගිය සමයේ විශාල ආන්දෝලනාත්මක කරුණකට තුඩු දුන් හේතුන් විය.

    කෙසේවුවද, මෙම ව්‍යාපෘතියේ කාල සිමාව පසු කළහොත් රටට වෙන හානිය කොපමණ ද යන්න පිළිබඳව රටේ මහජනතාව විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණක් බවත්, කොවිඩ් 19 වසංගතයට පෙර අවම මුදලික් කළ හැකිව තිබූ ව්‍යාපෘතිය සඳහා මේ වන විට එම මුදල මෙන් තුන් ගුණයක් වියදම් කළ යුතු වන බවත්, අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම්න් නිමකලේ නම් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මහජනතාවට ඉතුරු කළ හැකිව තිබුණු බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    දේශපාලන හේතුන් ගෙනහැර පාමින් වසර සියගණනක් පැරණි පඬු කරඳ ගසක් යැයි උද්ඝෝෂණ කරමින් සිදු කළ අතපසු වීම නිසා මහා පරිමාණ ව්‍යාපෘතියක් අතරමඟ නැවතීමට ඉඩ නොදී කෙසේ හෝ නිම කර ගැනීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමන්ට මූලික වගකීමක් තිබෙන බවට සඳහන් කළ අමාත්‍යවරයා, මේ සඳහා පුළුල් අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව එම ව්‍යාපෘතිය සිදු කෙරෙන ප්‍රදේශය අවට අවුරුදු 40 ය වඩා වයස ඇති තවත් පඬු කරඳ ගස් 15ක් තිබෙන බව සොයාගෙන තිබෙන බවත් ඒ අනුව, උස අඩි 12 -15 අතර පඬු කරඳ ගස් 25 ක් තිබෙන අතර, ඉවත් කළ ගස වෙනුවෙන් ගස් 200ක් නැවත වගා කිරීමට ද අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර තිබෙන බවත්
    මෙහි දී අවධාරණය කළේය.

    මේ පිළිබඳව තොරතුරු අවශ්‍ය කෙනෙක් වේ නම් එම ව්‍යාපෘතිය භාර නිළධාරීන් හට එම ගස් පෙන්වීමට හැකි බවත් හෙතෙම මෙහි දී පැවසීය.

    විශාල ජාතික අපරාධයක් සිදු කරමින් බොරුවක්, මිත්‍යාවක් රට පුරා වපුරවා කඩාකප්පල් කාරී වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ගත් උත්සහයක් බවට හෙතෙම මෙහි දී පැවසු අමාත්‍යවරයා ජාතික උවමනාවක් වෙනුවන්, ජාතියේත්, ජාතික ආර්ථිකයත් උදෙසා සිදු කරන කටයුත්තක් වෙනුවෙන් රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව කැබිනට් අනුමැතියෙන් ගස ඉවත් කර තිබෙන බවත්, වටිනා ප්‍රතිපත්තිමය තීරණ වලට මෙරටේ විද්වතුන්, පාරම්පරික උරුමකරුවන් විශාල පරිත්‍යාග ඉතිහාසය පුරාවට සිදු කර ඇති බවත් මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya