මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉන්දියානු රජය සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක්

    ජූලි 11, 2023

    ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයකට අත්සන් තැබීමට කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒකාබද්ධව ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ, නව රටක් ලෙස නැගී සිටීමට නම් නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතු බවයි. ඒ සඳහා දිගු කාලීන සහ මැදි කාළීන වැඩපිළිවෙළක් රජය සකස් කර ගෙන යන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    රට නැගී සිටීමට නම් නිෂ්පාදන ආර්ථිකයකට යා යුතු ව තිබෙනවා. ජාතික කිරි අවශ්‍යතාවය සැපිරීමට තරම් කිරි නිෂ්පාදනයක් රට තුළ සිදු වන්නේ නැහැ. ජාතික කිරි අවශ්‍යතාවදෛනිකව කිරි ලීටර ලක්ෂ 20ක් පමණ අවශ්‍ය වෙනවා.නමුත් නිෂ්පාදනය කරන්නේ කිරි ලීටර 550,000ක් පමණයි. වෙළෙඳපළට ගැළපෙන පරිදි කිරි නිෂපාදනය කිරීමට නම් මෙරට කිරි නිෂ්පාදනය සිව් ගුණයකින් වැඩි කළ යුතු වෙනවා.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම , කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සහ කුඩා පරිමාණ කිරි ගොවින්ගේ ආදායම ඉහළ නැංවීම යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයතු කිරීම පිණිස ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සතත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශ කිරීමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ.ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට නීතිපතිතුමාගේ නිෂ්කශනට ලැබී තිබේ. ඒ අනුව, එකී අභිප්‍රාය ප්‍රකාශයට අත්සන් තැබීම පිණිස කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමිව තිබේ

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya