මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිවිරෝධිව කුවේට්හි රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 42ක් තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් දිවයිනට

    ජූලි 11, 2023

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 42කු ඊයේ දින (2023.07.10) අල් ජසීරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් දිවයිනට  පැමිණි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    මොවුන් වලංගු වීසා කාලය ඉක්මවා කුවේටයේ රැදී සිටීම, සේවා ස්ථානයෙන් පැනගොස් වෙනත් ස්ථානවල සේවය කිරීම වැනි හේතු මත දිවයිනට පැමිණීමට නොහැකිව සිටි පිරිසකි.

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා ගොස් දිවයිනට පැමිණීමට නොහැකිව සුරක්ෂා නිවාසවල රැදී සිටින ශ්‍රමිකයින් හැකි ඉක්මණින් යළි මෙරටට එවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා විසින් තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශයන්හි නිළධාරීන් හට උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව, ඔවුන් කුවේට් තානාපති කාර්යාලයේ ලියාපදිංචිවීමෙන් පසු එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාල තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් දිනක් තුළ දිවයිනට එවීමට කුවේට් තානාපති කාර්යාලයේ නිළධාරීන් කටයුතු කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya