මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''අස්වැසුම'' අභියාචන කාලසීමාව අවසන් වුවද සාධාරණ හේතුවක් මත ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති කාර්යාලයට අභියාචනා කළ හැකියි-කැබිනට් ප්‍රකාශක

    ජූලි 11, 2023

    අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාලසීමාව ඊයේ අවසන් වුවද සාධාරණ හේතුවක් මත ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති කාර්යාලයට අභියාචනා කළ හැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද(07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාලසීමාව ඊයේ අවසන් වුවද සාධාරණ හේතුවක් මත ඕනෑම පුද්ගලයෙකුමට ජනාධිපති කාර්යාලයට අභියාචනා කළ හැකි බවයි.

    "අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා ලබා ගැනීම ඊයේ අවසන් වුණා. ඊයේ දිනය වන විට අභියාචනා 968,000තක් ඉදිරිපත් වී තිබෙනවා. විරෝධතා 17,500ක් ලැබී තිබෙනවා. අයදුම්පත් ප්‍රාදේශීය ලේකම්වරු මගින් නිසි ලෙස පරීක්ෂා කරනවා. මෙම අභියාචනා ඉදිරිපත් කළ අයගෙන් හයලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දැනටමත් ප්‍රතිලාභ ලබන අය. අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට.

    කුමන ප්‍රශ්න තිබුණත් ආබාධිතයින්, වකුගඩු රෝගීන්ට සහ පොරොත්තු ලේඛනයේ සිටින අයටත් ගෙවීම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඕනෑම අවස්ථාවක සාධාරණ දුක් ගැනවිල්ලක් තිබේ නම් ඒ පිළිබඳව ඉල්ලීම් කළ හැකියි. තම ප්‍රදේශයේ දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරයා වෙතද ඉල්ලුම් පත් යොමු කළ හැකියි.,

    එම නිසා අස්වැසුම සම්බන්ධයෙන් දේශපාලන සටන් පාඨ කියන්න අවශ්‍ය නැහැ. විරෝධතා ලැබී ඇත්තේ 17,500ක් පමණයි.මෙය සත්භාවයෙන් ආරම්භ කළ වැඩසටහනක්. ලබන මාසය වන විට මෙම ගැටලුව විසඳනවා''යැයි අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya