කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඇමැතිවරයා මේ බව පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
"දකුණෙන් පටන් ගනිපු ග්ලෝකල් ෆෙයාර් 2023 යාපනයට අරගෙන යන්න අපි කටයුතු කරලා තියෙනවා. ජාත්‍යන්තර ලංකාවට ගේන්න, ලංකාව ජාත්‍යන්තරයට අරගෙන යන්න, ලංකාවේ ශ්‍රමිකයා ලෝකයට අරගෙන යන්න, ලෝකයේ දැනුම ලංකාවට අරගෙන එන්න මේ ග්ලෝකල් ෆෙයාර් සපි ආරම්භ කරලා තියෙනවා.
අපි දකුණ නියෝජනය කරන දේශපාලඥයෝ. අපි දකුනේ දේශපාලඥයෝ කියලා සමහරු හිතනවා. හැබැයි අපිට උතුර දකුණ කියලා භේධයක් නෑ. මුළු රටම විදියට අපි වැඩ කරන්නේ. උතුරට සිදුවන අසාධාරණකම් ගැන කතා කරන විට දකුණෙන් අත්හදාබැලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා, පළමු වැඩපිළිවෙල යාපනයෙන් ආරම්භ කරනවා. මේ හරහා මිනිස් ජාවාරම වැලැක්වීමට, විවිධ ජාවාරම්වලට අහුවෙන අය ඒවාට අහුවීම වැලැක්වීමට, පුහුණුවක් නැති අය විදේශ රැකියාවලට යනවා වෙනුවට පුහුණුවක් ඇති අය විදේශ රැකියා සදහා යොමු කිරීමට, විදේශ රැකියාවලට යාමේදී අවශ්‍ය දැනුවත් කිරීම් පහසුකම් ලබාදීමට අපි මෙහිදී කටයුතු කරනවා.
කොළඹට ඇවිත් අපේ අමාත්‍යාංශයෙන් ලබාගන්න සේවාවන් සියල්ලම අපි කොළඹට එන්නේ නැතිව යාපනයේදීම ලබාගැනීමට මෙහිදී අවස්ථාව ලබාදෙනවා. පුහුණුවීම්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් සම්බන්ධ ගැටලු, විදේශ රැකියා අමාත්‍යාංශයට සම්බන්ධ කාරණා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ සේවාවන් එකම තැනදකී ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව එනවා වගේ පාසල් දරුවන්ට අධ්‍යාපනයට උදව් කිරීම්, ප්‍රජා සේවා අවස්ථාවන් ලබාදෙනවා. අපිත් එක්ක විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව අත්වැල් බැදගෙන ඉන්නවා. සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වගේ ආයතන හැම එකක්ම මෙතැනට එනව. දවස් ගණනාවක් ඇවිත්, පෝලිම්වල ඇවිත් කරගන්න තියෙන සේවාවන් සියල්ලම මෙතැනදී ලබාදීමට කටයතු කරනවා.
යාපනයට ගිහින්, යාපනයේ දෙමළ භාෂාව කතා කරන අයට, ඒ භාෂාවෙන්ම අවශ්‍ය සේවාවන් ලබාදෙනවා. දේශීය - විදේශීය රැකියා අවස්ථාවන් ලබාගැනීමට අවස්ථාව ලබාදෙනවා. පුහුණුව තිබෙන ඒත් සහතික නොමැති අයට වෘත්තීය පුහුණු අධිකාරිය හරහා සහතික ලබාදෙනවා. ආබාධිත අය සම්බන්ධයෙන්, ඔවුන්ට රැකියා ගත කිරීම්, පුහුණු කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය සේවාවන් ලබාදෙනවා.
වෘත්තීය ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරනවා. කම්කරු විශය සම්බන්ධ කරුණු දැනුවත් කිරීමට මෙහිදි කටයුතු කරනවා. සෙනසුරාදා හා ඉරිදා රාත්‍රීයට විනෝද විය හැකි සංගීත ප්‍රසංග පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
මේ සදහා සභාගී වන අයද ඔන් ලයින් ලියාපදිංචිය ලබාදීමට කටයුතු කරනවා. ලියාපදිංචි වෙලා තමන්ගේ ක්‍යු අර් කේතය භාවිතා කරන්න පුලුවන්.
මේක එක රටක්. එක දේශයක්. එක රටේ ඉන්න හැමෝටම එක විදියට අපි සලකනවා. එකවිදියට සේවාවන් ලබාදෙනවා කියන පණිවුඩයත් ග්ලෝකල් ෆෙයාර් හරහා අපි අරගෙන යනවා. බොහෝ දෙනෙක් සංහිදියාව ගැන කතා කරන්නේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය එන කාලෙට විතරයි. ඒත් අපි හැමදාමත් සංහිදියාවේ යුතුකම, තිබිය යුතු ගුණාංගය රජයක් විදියට අපි පවත්වාගෙන යනවා."