මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම දුරසේවා බස්රථ කාල සටහන් අන්තර්ජාලයට මුදාහැරේ

    ජූලි 10, 2023

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තවත් එක් සුවිශේෂී පියවරක් තබමින් දුර සේවා බස්රථ කාල සටහන් ප්‍රථම වරට අන්තර්ජාලයේ සෙවුම් පද්ධතියට ඇතුළත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය
    බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණි.

    ප්‍රවාහන අමාත්‍ය වරයාගේ සංකල්පයකට අනුව සිදු කරන ලද ඩිජිටල්කරණය කරන ලද ලංගම දුරගමන් සේවා බස්රථ කාල සටහන මඟින් අද (10) සිට මඟීන්ට ඉතා පහසුවෙන් 1315.lk වෙබ් අඩවියෙන් හා 1315.lk ජංගම යෙදුම
    ඔස්සේ සේවාව ලබාගත හැකිය.

    මෙම ජංගම යෙදවුම ඔස්සේ තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කරවාගැනීමේ හැකියාවද ඇති අතර දිවයිනම ආවරණය වන පරිදි බස්රථ 1200 කට අධික ප්‍රමාණයක් සඳහා මෙලෙස මඟී ආසන වෙන් කිරීමේ හැකියාව මේ හරහා උදාකර දී ඇත. එමෙන්ම ආසන වෙන් කිරීමෙන් පසු e-ticket ලෙස sms, email මඟින් ටිකට පත ලැබීමේ හැකියාව පවතී.

    මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ; “e-ticketing ක්‍රමය-බස්රථ තුළ මුදල් භාවිතයෙන් තොරව ගමන්කිරීමේ ක්‍රමවේදය, e-motoring ක්‍රමය හා තාක්ෂණික භාවිතාව අනිකුත් සෑම අංශ වලටම යෙදවීමට කටයුතු කරන බවයි.

    එමෙන්ම, රාජ්‍ය අංශයේ සියලුම ආයතන ඩිජිටල් කිරීමයි රජයේ ප්‍රතිපත්තිය වන බවත් පැවසූ අමාත්‍යවරයා ලංකා ගමනාගමන මණ්ඩලයත් එම ජාතික වැඩපිළිවෙලට එක් කිරීමට හැකි වීම පිළිබඳව අමාත්‍යවරයා වශයෙන් තමා මෙහෙවින් සතුටු වන අතර ඒ සඳහා දායකත්වය සැපයු සියලු පුද්ගලයින්ට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමන් බෙහෙවින් ස්තුතිවන්ත වෙන බවත් මෙහි දී වැඩිදුරටත් පැවසීය.”

    1315.lk වෙබ් අඩවියට අමතරව දිවයින පුරා පිහිටි 40 කට අධික ප්‍රධාන බස්නැවතුම්පොළවල පිහිටුවා ඇති කවුන්ටර් මඟින් මෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත, පැය 24 පුරා ක්‍රියාත්මක 1315 ක්ෂණික ඇමතුම ඇමතීම මඟින් මෙම සේවාව ලබාගත හැකිය.

    සමස්තයක් ලෙස මෙම සේවාව මඟින් මඟී ජනතාවට කරදර හිරිහැර අවම, සුවපහසු ගමනන්තයකට පහසුව සලසා දීමත්, ඉහළ විනිවිදභාවයක් හා වගවීමකින් යුතු ප්‍රවාහන සේවාවක පහසුව අත්විඳීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු අතරම මඟී ජනතාවගේ දෛනික ගමනාගමනයේ කොටසක් බවට පොදු ප්‍රවාහන මාධ්‍යයක් බවට පත් කිරීමද මෙම සේවාවේ දිගු කාලින අරමුණු අතර වේ.

    මෙම අවස්ථාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, Hands Global Holding Pvt.Ltd ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී සුරේන් ලියනගේ ඇතුළු මහත්වරුන් රැසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya