මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ උණ සහ වේවැල් භාවිතා කරන්නන්ගේ සංසදය, අගමැති හමුවෙති

    මැයි 15, 2023

    බලශක්ති අර්බුදයටද උණ ශාකය භාවිත කිරීමේ හැකියාව පා.ම. යදාමිණි පෙන්වයි.

    උණ ගස ආශ්‍රිත නිෂ්පාදනවලට පවතින ගැටළු නිරාකරණය කර, කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා, ඊට අදාළ සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ වන පුළුල් සාකච්ඡාවක් කඩිනමින් පැවැත්විය යුතු බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ "ශ්‍රී ලංකාවේ උණ සහ වේවැල් භාවිතා කරන්නන්ගේ සංසදය", පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමු වූ අවස්ථාවේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා මෙම හමුව සම්බන්ධීකරණය කර තිබිණි. කර්මාන්තයක් ලෙස උණ සහ වේවැල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරිමට නම්, පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවත් තිරසර සංවර්ධන ඉලක්ක සහිත, දීර්ඝ කාලින සැලස්මක් ඉදිරිපත් කරන ලෙස, අග්‍රාමාත්‍යවරයා, එම සංසදයට දැනුම් දුන්නේය. එවිට රජයට අවශ්‍ය ප්‍රතිපත්තිමය සහයෝගය ලබා දිය හැකි බව ඔහු අවධාරණය කළේය.

    සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ අද පවතින බලශක්ති අර්බුදයටද උණ ශාකය භාවිත කිරීමේ විශාල ඉඩකඩක් පවතින බවය. සුනිත්‍ය බලශක්තිය නොමැතිකමින් මෙරට ඇඟළුම් සහ තේ කර්මාන්ත, විශාල අර්බුදයකට මුහුණ පා සිටින බවද ඔහු පෙන්වා දුන්නේය. මේ නිසා උණ ගස, බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කිරිමේ විශාල අවස්ථාවක් ඇති බව යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    උණ ගස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීමේ අවශ්‍යතාව, ශ්‍රී ලංකාවේ උණ සහ වේවැල් භාවිතා කරන්නන්ගේ සංසදය මෙහිදී පෙන්වා දුන් අතර,

    වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 2 කට ආසන්න වටිනාකමකින් යුත් උණ ලී ආශ්‍රිත නිෂ්පාදනශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බවද ඔවුහු ප්‍රකාශ කළහ. එහෙත් ඒවා සියල්ල ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ හැකි බවද එම සංසදය පෙන්වා දුන්නේය. ඒ සඳහා උණ, " තෘණ වර්ගයක්" ලෙස නිවැරැදිව වර්ගීකරණය වීමත්, උණ ගස් ප්‍රවාහනයෙදී දැනට පවතින විශාල ගැටළු නිරාකරනය වීමත් අත්‍යවශ්‍ය බව එම සංසදය කියා සිටියේය. මිට අමතරව සංචාරක කර්මාන්තයට අදාළ ඉදිකිරීම් කටයුතු සඳහාද උණ ශාකය සාර්ථකව භාවිතා කළ හැකි බවද එම පිරිස පෙන්වා දුන්හා.

    මෙම මූලික සාකච්ඡාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීහු, කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීහු, ශ්‍රී ලංකාවේ උණ සහ වේවැල් භාවිතා කරන්නන්ගේ සංසදයේ නියෝජිතයෝ මෙන්ම සංචාරක කර්මාන්තයේ ආයෝජනය සඳහා කැමැත්ත පළ කළ විදේශික නියෝජිතයෝද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya