මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල්වලා සහ ගිංගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශ -සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක්

    මැයි 14, 2023

    ගිංගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 24 කකාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවවාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    ඒ අනුව බද්දේගම , නියාගම , නෙළුව , තවලම සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම්කොට්ඨාසවල ගිංගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේසම්බන්ධව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කෙරේ.

    එමෙන් ම නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය තුළ එනම් (15 දින ) දක්වා ප්‍රදේශ කිහිපයකට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    ඒ අනුව කොටපල , පිටබැද්දර , අකුරැස්ස, අතුරලිය , මාලිම්බඩ , තිහගොඩ , මාතර සහදෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් පසුවන ලෙස එමදෙපාර්තමේන්තුව ඉල්ලීමක් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya