මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයට නව නේවාසිකාගාර සංකීර්ණයක්

    මැයි 13, 2023

    අන්තර්ජාතික  ගිවිසුම් අනුව යම් වැඩපිලිවෙලක් සකස් කිරීමෙන් අනතුරුව බලයට පත්වන අනෙකුත් රජයන් එම ගිවිසුම් නොතකා කටයුතු කිරීමත්, අත්තනෝමතික ලෙස කටයුතු කිරීමත්, නිලධාරීන්ගේ වැරදි උපදෙස් ලබාදීමත් නිසා නිදහසින් හැත්තෑ පස් වසරකට පසුව අපේ රට මෙවැනි තත්වයකට මුහුණ පා ඇතැයි  ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(13) පැවසීය.

     මීපේ පිහිටි දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ (south asian centre for teacher development) නව නේවාසිකාගාර සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්  පළ කළේය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    අධ්‍යාපනය පිළිබඳ වූ ජාත්‍යන්තර සමුලු හා සම්මේලන වලදී මෙරට නියෝජිතයින් ලෙස  අප ඉතාමත් සක්‍රියව යුනිස්කෝ ආයතන කටයුතු සඳහා දායකත්වය ලබාදී තිබෙනවා. දකුණු ආසියාවට ගුරුවරුන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් වූයේ ඒ ආකාරයෙන්. ඒ සඳහා එවකට යුනෙස්කෝ සංවිධානයේ සභාපතිවරයා ඇතුළු  නියෝජිතයින් සුවිශාල දායකත්වයක් ලබා දුන්නා. යුනෙස්කෝවේ විධායක කමිටුවට මෙම වාර්තාව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඒ වන විට ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ අප විසින් මෙම ගුරු පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා විශාල සටනක් සිදු කලා. අනෙකුත් ආසියානු රටවල එකඟතාවය මේ සඳහා ලබාගැනීමට පුද්ගලික මට්ටමින් සාකච්ඡා කිරීමට සිදුවුණා. එහිදී ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු අනෙකුත් රටවල එකඟතාවය සහිතව ශ්‍රී ලංකාවට මෙම ගුරු පුහුණු මධ්‍යස්ථානය ලබාගැනීමේ යෝජනාව ඉදිරිපත් වුණා. ඒ සඳහා ඡන්ද විමසීමක්‌ පැවති අවස්ථාවේදී ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාවට විරුද්ධවත් සිය ඡන්දය ප්‍රකාශ කලා. යම් දිනක මෙම ආයතනයේ ඉතිහාසය ලියා තබන අවස්ථාවක මේ කරුණු ද එහි ඇතුළත් විය යුතු බව මා විශ්වාස කරනවා.

    ඉන් අනතුරුව 2014 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන ආයතනය හා එක්ව මෙහි පරිගණක 100කින් සමන්විත පරිගණක පීඨය ඇතුළු පහසුකම් ස්ථාපිත කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා ආසියානු කලාපයේ සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන් සහභාගි වුණා.

    ඉන් අනතුරුව රජයන් වෙනස් වීමත් සමඟ මේ ආයතනය නොසලකා හැරීමක් සිදුවුණා. අන්තර්ජාතික වශයෙන් ගිවිසුම්  එකඟතාවයන්ට පැමිණ යම් වැඩපිලිවෙලක් සකස් කිරීමෙන් අනතුරුව බලයට පත්වන අනෙකුත් රජයන් එම ගිවිසුම් නොතකා කටයුතු කිරීමත්, අත්තනෝමතික ලෙස කටයුතු කිරීමත්, නිලධාරීන්ගේ වැරදි උපදෙස් ලබාදීමත් වැනි හේතුන් නිසා නිදහසින් හැත්තෑ පස් වසරකට පසුව අපේ රට මෙවැනි තත්වයකට මුහුණ පෑමට හේතු වූ බව අප සියලු දෙනා අවබෝධ කරගත යුතුයි.

     පසුකලෙක මා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේ දී යුනිස්කෝ සංවිධානයට මේ පිළිබඳව පිළිතුරු සැපයීමටත් සිදුවුණා. එහිදී මේ මතුව තිබෙන තත්ත්වය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ඔවුන් ඉදිරියේ සහතික වන්නට අප කටයුතු කලා.

     වත්මන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් මෙම ආයතනය පිළිබඳව නැවත අවධානය යොමු කරමින් එය දකුණු ආසියාවේම  ගුරු පරපුරට සේවයක් සිදු කළ හැකි පරිදි පුළුල් කොට සංවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව මගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා. ඒ තුළින් අනාගතයේදී අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම ආදර්ශයක් වන ආකාරයට නැණ ගුණ සපිරි ගුරු පරපුරක් බිහිකරන්නට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.

     ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගොපල් බග්ලේ මහතා, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam මහතා, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මැතිතුමා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya