අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් , නීතිපති දෙපාර්තමේන්තුව , නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව , වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය , විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යයන අංශ , UNDP ආයතනය මේ සඳහා සහභාගී වීමට නියමිතයි.
මෙම වැඩසටහනට සහභාගීවීමට කැමැත්තක් දක්වන මාණ්ඩලික වාර්තාකරුවන්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් , වෙබ් මාධ්‍යවේදීන් 011-2452190/ 070-20099480 දුරකතන අංකයන්ට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයෙන් තම සහභාගීත්වය තහවුරු කරන ලෙස එම අමාත්‍යංශය ඉල්ලීමක් කෙරේ.
මෙම වැඩමුළුව එම අමාත්‍යංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී අබේකෝන් මහතා මෙහෙයවනු ලබයි.