මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම වරට මෙරටදී ලෝක ගිනි නිවීමේ දිනය 14 වනදා සමරයි

    මැයි 13, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය සැමරීමට කටයුතු යොදා ඇති අතර එය මේ මස 14 වනදා පෙරවරු 09.30ට නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.

    1998 දෙසැම්බර් 02 වනදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවීමේ භටයන් 05 දෙනෙක් ගින්නට හසුවීමෙන් මිය ගොස් ඇත. ඔවුන් සිහිගැන්වීම පිණිස 1999 වර්ෂයේ මැයි 04 වන දිනය, ලෝක ගිනි නිවීමේ භට දිනය ලෙස නම් කෙරිණි.

    ඉන් පසු සෑම වසරකම මැයි 04 වන දින ලෝක ගිනි භට දිනය ලෝවාසීන් සමරයි. ලෝකයේ ධනවත් රටවල් එම දිනය සමරනු ලැබුවත් අප රට වැනි කුඩා රටවල් එම දිනය සැමරුවේ නැත. එහෙත් 2023 වර්ෂයේ එය සැමරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කර ඇත.

    මේ සම්බන්ධයෙන් පසුගියදා (10) පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍යංශයේදී රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

    ගිනි නිවීමේ හමුදා භට ඒකකය පිළිබඳ රටේ ජනතාවට තිබෙන්නේ අල්ප දැනුමක් පවතින බවද  ශ්‍රී ලංකාව තුළ 1892 වර්ෂයේදී කොළඹ නගරය මුල්කර ගනිමින් කුඩා ඒකකයක් ලෙස ආරම්භ වූ ගිනි නිවීමේ සේවාව මේ වන විට සැලකිය යුතු වර්ධනයක් ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

    මැයි  04 සිට 14 දක්වා විවිධ වූ ප්‍රදර්ශන පැවැත්වීමටත් ඒ තුළින් ජනතාවට මේ පිළිබඳ අවබෝධයක්, දැනුමක් ලබාදීමට අදහස් කරන බවත් පාසල් දරුවන්ට මෙම ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ලබාදෙමින් උනන්දුවක් ඇති කිරීමට ද මෙම ප්‍රදර්ශනය තුළින් අපේක්ෂා කරන බවද   අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    ගින්නක් පමණක් නොව අනතුරක් ඇතිවූ අනෙක් අවස්ථා වලදීත් ඔවුන්ගේ සේවා සපයන බවද, විනාඩි 07ක් වැනි කෙටි කාලයක් තුළ අනතුර සිදුවූ ස්ථානයට ළගා වුවහොත් එම ගින්න හෝ අනතුරෙන් සිදුවිය හැකි හානිය අවම කරගත හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    එවැනි කෙටි කාලයකදී ළගා වීමට නම් සෑම පළාත් පාලන ආයතනයකටම මෙම රථ සේවාව ලැබිය යුතු බවද, රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගය හමුවේ එවැනි තත්ත්වයකට යා නොහැකි බැවින් ජනගහණය වැඩි පළාත් වලට හෝ ප්‍රථමයෙන් මෙම සේවාව ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසුවේය.

    ගිනි නිවීමේ රඨ පැවැදියද ඇතැම් අවස්ථා වල ඒ සඳහා පුහුණු සේවකයන් නොමැතිකම හේතුවෙන් සේවාව පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උදාවී ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා එම අවශ්‍යතා සපුරාගත යුතු යැයිද ඒ සදහා පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් පුහුණු කර ඒ සදහා අවස්ථාව සලසා ගැනීමට බලාපොරොත්තු  වන බවද සදහන් කළේය.

    දැනට අප සතුව පවතින ගිනි නිවීමේ රථ 34 ඉදිරියේදී රථ 60ක් දක්වා වර්ධනය කරගැනීමට ජපන් රජයේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

    මෙම සේවාවෙහි ඇති වටිනාකම පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ හමුදා ඒකකයේ ප්‍රධාන නිලධාරීතුමා වන පී. ඩී. කේ. ඒ. විල්සන් මහතා, ගින්නකදී පමණක් නොව ජනතාවට අනතුරක් වන සෑම අවස්ථාවකදීම ඔවුන්ට උදවු කිරීම සදහා නොපැකිලිව ඉදිරිපත් වීම ඔවුන්ගේ වගකීමක් බවයි.

    මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා බැනර්, පෝස්ටර් යනාදියද විද්‍යුත් මාධ්‍ය හරහා විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මක කර ඇති බව පැවසූ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ හමුදා ඒකකයේ ප්‍රධාන නිලධාරීතුමා මැයි 14 පැවැත්වෙන සමාරම්භක උත්සවය කැළණි නව පාලම අසලින් ඇරඹී රථ පෙරහැර ඔරුගොඩවත්ත, මාළිගාවත්ත, පංචිකාවත්ත, මරදාන, ඩාලි පාර, මහජන පුස්තකාලය අසල ආර්ට් ගැලරිය යන ස්ථාන පසු කරමින් නිදහස් චතුරස්‍රය දක්වා ගමන්ගන්නා බවද කියා සිටියේය.

    මැයි 14 පැවැත්වෙන මෙම සන්දර්ශනය සැමට අලුත් අත්දැකීමක් වන බවද එය නැරඹීම සදහා හැකි සෑම දෙනෙකුම සහභාගී වන ලෙසද ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාව සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ හමුදා ඒකකයේ නිලධාරීන්, පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අතිරේක ලේකම් ඇතුළුව අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වූහ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya