නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සවිබල ගැන්වීමේ නියමු ව්‍යාපෘතිය බවට පත්වන්නේ සමෘද්ධි ව්‍යාපාරයයි - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය

    මැයි 12, 2023

    සමාජ සවිබල ගැන්වීමේ නියමු ව්‍යාපෘතිය බවට පත්වන්නේ සමෘද්ධි ව්‍යාපාරය බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු බියක් ඇති කර නොගත යුතු බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා අද (12)පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ට අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද (12) පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයට එක්වෙමිනි.

    සමෘද්ධි ව්‍යාපාරය සහ සමාජ සුභසාධනය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවත්
    සමෘද්ධි ව්‍යාපාරය සමාජය සවිබල ගැන්වීමේ ව්‍යාපාරයක් බවට පත් කර ජනතාව සවිබල ගැන්වීමේ සැළැස්මක් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද තමාට උපදෙස් දුන් බව අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම ඉදිරියේදී සමෘද්ධි සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවවේ නීති වලට යටත්වන පරදි නීති සකස් කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යංශ සමග ඒක්ව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවද කීය. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව සමග පැවැත් වෙන රැස්වීමක් එළඹෙන 17 වනදා පැවැත් වෙන බවද හෙතෙම පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මෙරටට ආධාර ලබා දෙන රටවල් මහජනතාවට ලබා දෙන විවිධ සුභසාධන ප්‍රතිලාභ කපා හරින බවට කළ  චෝදනා ප්‍රතික්ෂේප කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව යාපනයේ සිට හම්බන්තොට දක්වා අඩු ආදායම් පවුල්සඳහා සහල් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා 

     මෙම සුබසාධන වැඩසටහනේ ප්ර‍රබල කතිකාවතක් තිබුණා නුසුදුස්සෝ ඉන්නවා කියලා. ඒ අනුව තමයි ලකුණු දීමේ ක්‍රමවේදයක් සකස් කරලා නුසුදුසු අය ඉවත් කිරීමේ සහ සුදුසු අය ඉන්නවා නම් එක් කර ගැනීමේක්‍රම වේදයක් සකස් කළේ. ඒ අනුව සංක්‍රාන්තික පවුල් සදහා  මසකට රුපියල් 2,500 ක් ලබා දීමට නියමිත අතර අවදානමට ලක් වූ පවුල් සඳහා මසකට රුපියල් 5,000 ක් ලබා දෙනවා. එසේම දුප්පත් පවුල් සඳහා 8,500ක දීමනාවක් ජූලි පළමු වනදා සිට වසර තුනක කාලයක් ලබා දීමට තීරණය කර තිබෙනවා දිළිදු පවුල් සඳහා ද රුපියල් 15,000ක දීමනාවක් ජූලි පළමු වැනිදා සිට වසර 03ක කාලයක් ලබා දීමට නියමිතයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya