සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2328/13 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති ‘අස්වැසුම’ නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ අද පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ සඳහා ඉදිරියේදී අනුගත කළ හැකි නව යෝජනා තිබේ නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවයි.
මෙම ප්‍රතිලාභ ගෙවීම ආරම්භ වන්නේ සුබසාධක ප්‍රතිලාභ පනත අනුවයි.අපි තුන් වරක් මේ සඳහා අයදුම්පත් ලබා ගැනීමේ කාලය දීර්ග කළා. මුල් වතාවේ අයදුම්පත් ලක්ෂ 37 ක් (මිලියන 3.7ක්) ලැබුණා. සංගණන නිලධාරින් ප්‍රාදේශීය වශයෙන් එම නිවෙස්වලට ගොස් මෙම අයදුම්පත් ඉදිරිපත් කළ පවුල් පිළිබඳව සොයා බැලුවා. ඇතැම් වෘත්තීය සමිති ඊට අකමැති වුණා. මුලින් ඉදිරිපත් කළ අයදුම්පත් ලක්ෂ 37න් ලක්ෂ 32ක් සංගනණයට ඉදිරිපත් වුණා. මේ වන විට සංගණනයේ ප්‍රතිඵල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් විශ්ලේෂණය කරනවා. සුභසාධක ප්‍රතිලාභ ලබාදිම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තිබෙනවා. අපේ රටේ 40%ක් වූ පහළම අදායම් ලබන කණ්ඩායම තමයි මීට හඳුනාගත්තේ.
ඒ අනුව මෙරට පවුල් මිලියන 2.28කට එළඹෙන ජූලි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය. මේ යටතේ කාණ්ඩ හතරක් සිටින බවත් අන්ත දිළිඳු කාණ්ඩයට ලක්ෂ 4ක්වත් ඇතුළුවන බවද හෙතෙම කිය.