භාණ්ඩාගාර බිලිපත් වලින් ණය ලබා ගැනීමේ සීමාව රු බිලියන 5000 සිටි රුපියල් බිලියන 6000 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා තිබීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය ඊයේ (11) ලැබුණ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බැඳුම්කර සඳහා ඉල්ලුම අඩුවීම සහ බැඳුම්කර සඳහා ගෙවිය යුතු පොළී ප්‍රමාණය 28% දක්වා වැඩි කිරීම වැනි හේතු නිසා මෙලෙස භාණ්ඩාගාර බිල්පත්වල සීමාව වැඩිකිරීමට සිදු වූ බවත් , දේශීය ණය ප්‍රතිව්‍යහගතකිරීම තෙක් තත්වය ඊයේ පැවති පක්ෂනායක රැස්වීමේදී පැහැදිළි කළ බව හෙතෙම සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
ඊයේ මුදල් කාරක සභාව රැස් වූ අවස්ථාවේදී භාණ්ඩාගාර නිලධාරින් ඒ පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කළා. එළඹෙන සඳුදා දින අපි කළ යුතු ගෙවීම් පිළිබඳවත් සාකච්ඡා කළා. මේ සියල්ල පැහැදිළි කිරීමෙන් අනතුරුව තමයි මුදල් පිළිබඳ කාරක සභාව මෙම අනුමැතිය ලබා දුන්නේ. නිවැරදිව තොරතුරු ඉදිරිපත් කර තමයි මෙම අනුමැතිය ඉල්ලන්නේ