නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් හානි සිදුවූ ධීවරයන්ට සිව්වන වරටත් වන්දි...

    මැයි 11, 2023

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් හානි සිදුවූ ධීවරයන්ට සිව්වන වරටත් වන්දි පිරිනැමීම අද (11) ධීවර අමාත්‍යංශයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සහභාගීත්වයෙන් ධීවර අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

    ධීවරයන් වෙත අදාල වන්දි මුදල් වහාම ලබාදීම සම්බන්ධයෙන් කැපවී කටයුතු කළ අමාත්‍යවරුන්ට ස්තුතිය පළ කිරීමටද මෙම අවස්ථාවට එක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අමතක නොකළේය.

    ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙම නෞකා අනතුර සිදුවූ වහාම ධීවර අමාත්‍යතුමා මැදිහත්වී අදාල පුද්ගලයන් කැඳවා ආදරණීය ධීවර ජනතාව වෙනුවෙන් රජයෙන් කළ යුතු වැඩ කොටස සිදුකරමින් ඉතා ඉක්මණින් වන්දි ලබාදීමට කටයුතු කළ බවද මෙහිදී සිහිපත් කළේය.  

    එක්ස්ප්‍රස් පර්ල් අනතුර හේතුකොටගෙන  පනවන ලද ධීවර තහනම් කලාපය හේතුවෙන් ජීවිකාව අහිමි වූ ධීවරයන් පහලොස් දහසක පමණ පිරිසක් හා ධීවර ආශ්‍රිත රැකියා වල නිරත වන පන්දහසකට ආසන්න පිරිසක් නියෝජනය වන පරිදි තෝරාගත් ධීවරයන් හා ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියා වල නිරතවන්නන් තිස්දෙනෙකුට පමණ මෙහිදී සංකේතාත්මකව වන්දි චෙක්පත් බෙදාදීම සිදුවිය. සෙසු සියලු වන්දිලාභීන්ට ඔවුන් ජීවත් වන ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වන්දි ලබාදීම සිදුකෙරෙනු ඇත.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගර පරිසරයට එක්වූ විවිධ ද්‍රව්‍ය හේතුවෙන් දැල් ආම්පන්න වලට හානි සිදුවූ ධීවරයන් 20 දෙනෙකුට පමණ ඔවුන්ට සිදුවූ අලාභය සඳහා නැවේ රක්ෂණ ආයතනය වෙතින් ලද වන්දි මුදල් ප්‍රදානය කිරීමක් සිදුවිය.

    සිවුවන වටයේ වන්දි ගෙවීම සඳහා නෞකාවේ රක්ෂණ ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත රුපියල් මිලියන 1605ක පමණ මුදලක්ලැබී ඇති අතර සිවුවන වටය අවසන් වන විට ජීවිකාව අහිමිවූ එක් ධීවරයෙකුට තම රැකියා කාණ්ඩය අනූව රුපියල් 112,500 සිට රුපියල් 295,000 දක්වා වන මුදලක වන්දියක් හිමිවනු ඇත.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට සිදුවූ සෘජු හානි සම්බන්ධ සොයා බැලීමට ධීවර අමාත්‍යංශය මගින් පත්කළ කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාව කමිටුවේ සභාපති ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධම්මික රණතුංග හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් විසින් ධීවර අමාත්‍යතුමා සහ ධීවර රාජ්‍ය අමාත්‍යතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.

    ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, අතිරේක ලේකම් නාමල් තලංගම මහතා, ගම්පහ, කොළඹ හා කලුතර දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya