නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කළේ එය වඩාත් නිවරදිව සොයා බැලීමේ අරමුණින්

    මැයි 10, 2023

     රජය කිසිම වේලාවක හොරකම් සහ වංචා දූෂණ යටපත් කිරීමට කිසිඳු උත්සාහයක් ගන්නෙ නැහැ - ඇමති ප්‍රසන්න රණතුංග

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් වඩාත් නිවරදිව සොයා බැලීමේ අරමුණින් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


    ඔහු සඳහන් කරන්නේ රජය කිසිම වේලාවක හොරකම් සහ වංචා දූෂණ යටපත් කිරීමට කිසිඳු උත්සාහයක් නොගන්නා බවයි. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට අද (10) පාර්ලිමේන්තුවේදී පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අනතුරුව ඒ සඳහා විදේශ අමාත්‍ය අලී සබ්‍රිරි මහතාද මැදිහත් විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර (ශ්‍රී.පො.පෙ) -

    ගරු කතානායකතුමනි, විජයදාස රාජපක්ෂ මැතිතුමා කියපු කරුණු කාරණා ගැන වෙනම කතාකරන්න මම යන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල බොහොම පැහැදිලිව සඳහන් වෙනවා හදිසි පොදු වැදගත් කාරණාවලදී කල් තැබීම. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවනම් සභානායකතුමා, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, විපක්ෂනායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සහ කතානායකතුමා ඇතුළුව පැවැති රැස්වීමකදී මේ ගැන සාකච්ඡා කරන්න තීන්දු කළා. අද දවල් 2.00ට කෝප් කමිටුවට මීපා ආයතනය කැඳවල තියෙනවා. ඒකෙ කතා කරන්න වෙන්නෙත් නැහැ. අපි මීට කලිනුත් යම් යම් කරුණු ගැන උසාවි නඩු විභාග වෙද්දිත් ඒ ගැන සභාවේ කතා කළා.

    මේ අමාත්‍යංශය අයිති වෙන්නේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමාටයි. මීපා ආයතනය තියෙන්නෙ එතුමා යටතෙයි. නමුත් එතුමා‍ මේ ගැන මේ වනතුරු කිසිම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල නැහැ. මේ ප්‍රශ්න හැම එකකටම මැදිහත් වෙලා තියෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවයි. නඩුපවරල තියෙන සිංගප්පුරු කොම්පැණියෙ නම එතුමට කියන්න බැහැ. නීතිපති දෙපාර්තමේන්තුව එතුම එක්ක කතාකළාද කියල මම දැනගන්න කැමතියි.

    ගරු කතානායකතුමනි, අපිට අවශ්‍ය වෙන්නෙ නඩු කටයුතු පැවරීම ඉතාම හොඳින් කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලබාදීමයි. අද වෙනකොට 2000කට අධික ධීවරයන් පිරිසකට ශතපහක්වත් ලැබිල නැහැ.අපි මේවා පාර්ලිමේන්තුවෙ කතා නොකර වෙන කොහේද කතා කරන්නෙ. මේ සම්බන්ධයෙන් මේ නීතිය ගැන කියන්න කියල මම ඇමතිතුමාගෙන් අහනවා. ඒ වගේම අධිකරණ අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අමාත්‍යංශය ජොයින්ට් කැබිනට් පත්‍රිකාවක්වත් ඉදිරිපත් කරල තියෙනවද. මේ ගැන ප්‍රසන්න ඇමතිතුමා දන්නේ නැහැ.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) -

    මම කැබිනට් ඇමති වුනාට මේක ගැසට් කරල තියෙන්නේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඇමතිතුමා යටතේයි. මේ සම්බන්ධයෙන් අපි කැබිනට් පත්‍රිකා තුනක් හෝ හතරක් ඉදිරිපත් කරල තියෙනවා.මට පෙර කටයුතු කළ අලී සබ්‍රිරි, විජයදාස රාජපක්ෂ ඇමතිවරුන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදි දීර්ඝව සාකච්ඡා කරල තියෙනවා. ඒ අනුව තමයි සිංගප්පූරු සමාගම සමඟ නීති කටයුතු කළ යුතු බව තීරණය කළේ. අපි අධිකරණය හා නීතිය ගැන නිපුණතාව තියෙන අය නෙවෙයි. ඒ ගැන කටයුතු කරන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවටයි. ඒ වගේම අපි මේ ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළේ වඩාත් නිවැරිදි විදියට කටයුතු කරන්නයි. දවස් දෙකක් මේ ගැන සාකච්ඡා කරන්න එකඟ වුනෙත් ඒ නිසයි. ආණ්ඩුවක් විදියට හොරකමක්, වංචාවක් වහන්න අපි කිසිම වෙලාවක උත්සාහ ගන්නෙ නැහැ. විදේශ අමාත්‍ය අලී සබ්‍රිරි - ගරු කතානායකතුමනි, මම 2021 ජුනි 25 වැනිදා නෝට්ටු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එකෙදි ඉතා පැහැදිලිවම වෙනම කමිටුවක් පත්කරල ඒ හරහා ලෝකයේ විවිධ ආයතනවලින් නීති උපදෙස් කැඳෙව්වා. ඒ සඳහා 8 දෙනෙක් ඉදිරිපත් වුණා. නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් තමන්ගෙ නිර්දේශ ඉදිරිපත් කළා.චන්දක ජයසුන්දර මැතිතුමාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා. මේකට දේශපාලනඥයන්ක වුරුවත් සම්බන්ධ වුනේ නැහැ.අමාත්‍යංශ 5ක ලේකම්වරු සම්බන්ධවෙලා ඒ තොරතුරු අරගෙන කැබිනට් එකට යෝජනා ඉදිරිපත් කළා.මේක 2021 සිට මේ ක්‍රියාවලිය සිදුවුණා. ඒකෙන් පස්සේ අපි තෝරගත්තා ඔස්ට්‍රේලියාවේ මුහුදු ආරක්ෂණ කටයුතු පිළිබඳ නීති උපදෙස් ලබාදෙන ආයතනය. එය 1892 පටන් ගත්ත එකක්. ඔවුන් හරහා සිංගප්පූරුවේ ලොකුම කණ්ඩායමක් සම්බන්ධ කරගත්තා. ඒ සම්බන්ධ කරුණු අවශ්‍යනම් ඉදිරිපත් කරන්න පුළුවන්.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya