නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීනි මිල ඉහළ යාම ගැන කඩිනම් වාර්තාවක්

    මැයි 09, 2023

    වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස තමන් වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඩොලරයේ අගය පහළ ගොස් ඇති තත්ත්වයක් තුළ සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් සහ රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (09) මේ බව පැවැසීය.

    එසේ ම පසුගිය දා තිරිගු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13%කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළෙඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15%ක් පමණ පහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එවැනි තත්ත්වයක් තුළ රජය පැනවූ බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    බිත්තර ආනයනය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, 2023 පෙබරවාරි මස 13 වැනි දා සිට මේ දක්වා කාලය තුළ බිත්තර කිලෝ ග්‍රෑම් 277,360ක් මෙටට ආනයනය කර ඇති බවය. කිලෝග්‍රෑම් එකකට බිත්තර 16 හෝ 17ත් අතර ප්‍රමාණයක් ඇතුළත් වෙන ලෙස ගණන් බැලූ කල බිත්තර මිලියන 4.5ක් පමණ මේ දක්වා ආනයනය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    රජය සැමවිටම ආනයන මත බදු අය කරනු ලබන්නේ දේශීය ගොවියා සහ ව්‍යාපාරිකයා රැක ගැනීමේ අරමුණෙන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමගින් පාරිභෝගක ජනතාව වෙත උත්තේජනයක් ලබා දීමට ද උත්සහ දරන බව කීය.

    2022 වසරේ දී ශ්‍රී ලංකාවට ටින් මාළු කිලෝ ග්‍රෑම් 35,541,104ක් ආනයනය කර තිබේ. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2,768ක් වැයකර ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඒ අනුව ටින් මාළු කිලෝග්‍රෑම් එකක් මත අය කළ බද්ද රුපියල් 100 සිට 200 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව ද පැවසීය. එමගින් රටට බදු ආදායමක් ලැබෙන අතර ම දේශීය මත්ස්‍ය අස්වැන්න මිල දී ගැනීම සඳහා ජනතාව තුළ උනන්දුවක් ඇති කරවීම ද අපේකෂාව වූ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya