නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල්වලට අගතියක් වන ආකාරයේ කිසිඳු තීරණයක් ගෙන නැහැ - කැබිනට් ප්‍රකාශක

    මැයි 09, 2023

    මෙරට තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආදියට අගතියක් වන ආකාරයේ කිසිඳු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්, දේශීය දේශීය ණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටට ප්‍රතිඥාවක් ලබා දී තිබෙන අතරම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබෙන බවත්, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    පසුගිය සතියක දී මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු උසස් නිළධාරීන්, ශ්‍රී ලංකා මහා බැංකුවේ නිළධාරීන්, විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයට යම් යම් පැහැදිළි කිරීම කළ බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළ අතර ඇතැමුන් විසින් මවන ලද හිතළු ප්‍රකාශ කිරීමට වඩා ඉතා බැරෑරුම් ජාතික අර්බුදයක් මෙරට තිබෙන බවත්, ජාත්‍යන්තරව ගෙවිය යුතු විදේශ ණය පළමුව ප්‍රතිව්‍යුහගත කළ යුතුව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

    ජාත්‍යන්තරව ගෙවිය යුතු විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මෙන්ම ණය හිමියන් විසින් නඩු පැවරීම වළක්වා ගනිමින් කටයුතු කරන අතරම ඒ සඳහා ප්‍රංශයේ ලසාර්ඩ් සමාගමේ විශේෂඥ සහාය ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    මෙම ජාතික ණය අර්බුදය ගෙවා ගැනීමට තාක්ෂණික කණ්ඩායමක් විසින් අඛණ්ඩ සංවාදයක් කරගෙන යමින් තිබෙන අතරම සුභවාදී ලෙස ණය හිමියන් බොහෝ දෙනකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් පැවසීය. පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya