ඔහු මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
ආනයන බදු වැඩි වීම හේතුවෙන් ලෝක වෙළඳපොලෙහි මිල ඉහළ යාමත් හේතුවෙන් ආනයනය කරන පිටි වල මිල ඉහළ ගොස් ඇතැයි කියා සිටි අමාත්‍යවරයා පිටි මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති බවට වැරදි සහගත පුවතක් ප්‍රචාරය වන බව පිටි නිෂ්පාදනය කරන සමාගම් සඳහන් කළ බවද වැඩිදුරටත් පැවසුවේය.
මෙරට දේශීය වශයෙන් තිරිඟු ඇට ආනයනය කර රට තුළ තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් 02ක් දීර්ඝ කාලයක පටන් පවතින බවද, ඉන් එක් සමාගමක් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඇති කිරීමත් සමග හිටපු ජනපති ජේ ආර් ජයවර්ධන මහතාගේ යුගයේ සිට මේ දක්වා පවතින බවද කියා සිටි කැබිනට් ප්‍රකාශකවරයා මෙරට පිටි අවශ්‍යතාවයෙන් 100%ක්ම සම්පූර්ණ කිරීමේ ශක්තිය පවතින්නේ මෙම සමාගම්02ට බවද අවධාරණය කළේය.
පසුගිය වකවානුවේ ලොව පුරා ඇතිවූ සැපයුම් ජාලය අඩපණ වීම හේතුවෙන් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී තිබුණු බවද ඒ තුළින් ඇතැම් විට ප්‍රපාතනය වීම් හා වෙනත් කරුණු සලකා බලා ආනයනය කරන පිටි සඳහා තීරු බදු පැනවීම කර ඇතැයිද සඳහන් කළේය.