නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්ඔය පාරිසරික වනෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව සහ සංචාරක බංගලා දෙක විවෘත කරයි

    මැයි 09, 2023

    ගල්ඔය පාරිසරික වනෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව සහ සංචාරක බංගලා දෙකක් විවෘත කිරීම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවිවන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු විය.

    මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ ආදායම වැඩිකරගැනීමට නම් අවම වශයෙන් සංචාරකයන් මිලියන 10ක් පමණ මෙරටට ගෙන්වා ගතයුතුබවත්, ඒ සඳහා අවශ්‍ය වනගහනය සහ වනජීවී සම්පත් ප්‍රමාණය වැඩි කරගතයුතු බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ගල්ඔය පාරිසරික වනෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව සහ සංචාරක බංගලා දෙකක් විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව පැවැත්වූ උත්සව සභාව අමතමිනි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිය කෘතවේදී බව ප්‍රකාශ කළඅතර එම නිලධාරීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව පැවසීය.

    තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ ගල්ඔය පාරිසරික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීම පෙරළියක ඇරඹුමක්බවත්, ඉදිරියට පැමිණෙන්නේ පරිවර්ථන රැසක් සිදුවන යුගයක් බවත් ය.

    අද වන විට ජනතාවගේ ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති බවත්, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කිරීම සම්බන්ධයෙන් තිබූ විරෝධාකල්ප වෙනස්වී එසේ පෞද්ගලිකකරණය වීම යහපත් බව ජනතාව දැන් ප්‍රකාශ කරන බවත්, අමාත්‍යවරිය සඳහන් කළාය.

    මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් , උතුරුමැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ජී ජීචන්ද්‍රසේන , ඇළහැර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජානක නලීන්කුමාර , හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක පියතිස්ස බණ්ඩාර , වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ එම් ඒ බණ්ඩාර , එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ආනන්ද ජයරත්න , වනසංරක්ෂකවරුන් වන නිශාන්ත එදිරිසිංහ,එච් යූ ඩයස්, පාලම කුඹුර , දිසා වන නිලධාරී ධම්මික තිස්ස , අතිරේක දිසා වන නිලධාරී කිංස්ලි ඉලුක්කුඹුර , හබරණ වන අඩවි නිලධාරී කුසල් බමුණුසිංහ , හබරණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පාලිත ඉලංගංසේකර , ප්‍රධාන පොලිස්පරීක්ෂක ඒ එච් එම් ඒ කේ හේරත් යන මහත්වරුන් මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හබරණ පොලිස් ස්ථානයේ නිලධාරීන්සහභාගි විය

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya