නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විභාගයේ විෂයන් 12ක පිළිතුරු පත් ඇගයීම් ආරම්භ කරයි.

    මැයි 08, 2023

    අ.පො.ස උසස් පෙළ විභාගයේ විෂයන් 12ක පිළිතුරුපත් ඇගයීම් කටයුතු ආරම්භ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය වෘත්තිය ක්‍රියාමාර්ගවලින් ඉවත් වී විභාගයේ පිළිතුරු පත් ඇගයීමට එක් වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා සිය ස්තුතිය පුද කරයි. සෙසු විෂයයන්ගේ ඇගයීම් කටයුතුද කාර්යක්ෂමව අවසන් කර 2022(2023) අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට දායක වන ලෙසද හෙතෙම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් ඉල්ලා සිටියි.

    රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පසුගිය මාර්තු 9වන දා සිට වැඩ වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් පෙබරවාරී 22වන දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට බාධා පැමිණියේය.

    මෙම ඇගයීම් කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් එය සාර්ථක කර ගැනීම සඳහා සහය වන ලෙස විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C අමිත් ජයසුන්දර මහතාඇගයීම් කටයුතු සඳහා සහභාගී වන සියළුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya