වෙසක් උළෙලට සමගාමීව මෙම විහාර මන්දිරය ජනතාව වෙත වැඳුම් පිඳුම් කිරීමට කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ බව ද ස්ථානය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පැමිණි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.
මෙම විහාරස්ථානයේ ඉපැරණි ගොඩනැඟිල්ලක නටබුන් ඇති අතර එම ස්ථානයේ අඩි 04ක් පමණ උස ගල්කණු 16ක් පමණ ශේෂව පවතින අතර පැරණි උළුවස්සක කොටස් ද දක්නට ලැබේ. විහාරස්ථානයේ විහාර මන්දිරය මෑත කාලීන ඉදිකිරීමක් වන අතර එය පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සිදුකර තිබේ.
කොළඹ සිට පැමිණෙන අයෙකුට නම්, කොළඔ 05 කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පැමිණ නාරම්මල නගරයෙන් කුලියාපිටිය මාර්ගයේ කඩහපොල මංසන්ධියේ සිට වාරියපොල දෙසට කිලෝමීටර හයක් පැමිණ නෙත්තිපොළගෙදර හන්දියෙන් වමට හැරී කිලෝමීටර භාගයක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට ලගා විය හැකිය.
මෙම අවස්ථාවට ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමීණි රණසිංහ, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු පිරිසක් එක්වුහ.