නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කීරි සම්බා උපරිම සිල්ලර මිලෙහි වෙනසක් නැහැ- පාරීභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

    මැයි 07, 2023

    කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය ප්‍රචාර අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  සඳහන් කරයි

    . මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරන්නේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරනු ලබන වෙළඳුන් සොයා අධිකාරිය අඛණ්ඩව වැටලීම් සිදු කරන බවයි.

    අදාළ නඩු පැවරීම්වලදී වරදකරුවන් වන පුද්ගලයින්ට අධිකරණය මගින් අවම රුපියල් ලක්ෂයක දඩ මුදලක් සහ උපරිමය රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් නියම කිරීමටත් හෝ මාස 6 ක සිර දඩුවම් නියම කිරීමටත් හෝ දඩ මුදල සහ සිර දඬුවම් යන දෙකම නියම කිරීමටත් හැකියාවක්  පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

    මීට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෝල් හිමියකු හෝ ව්‍යාපාරිකයකු සහල් ඉදිරිපත් කරන්නේ නම් එම තොරතුරු 1977 කෙටි දුරකථන අංකය මගින් අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya