නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ කටාන ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසේ

    මැයි 06, 2023
    ශ්රී ලංකාව ආශ්රිතව මධ්යම වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් පසුගිය දින කීපය තුළ දිවයින පුරා වැසි සහිත තත්ත්වයක් පැවතිනි.
    මේ හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී. එම නිවේදනය අනුව නැගෙනහිර, සබරගමුව, බස්නාහිර සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්රික්ක වලත් තද වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනයේ සදහන් විය.
    ඇතිවිය හැකි වර්ෂාධික කාලගුණික තත්වය හමුවේ ඇතිවිය හැකි ආපදා තත්ත්වයක දී මහජනතාවට මුහුණ දීමට සිදුවිය හැකි පීඩා අවම කිරීමේ අරමුණින් ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාව සෙවීම් සහ ගලවාගැනීම් මෙහෙයුම් සදහා අවශ්ය සම්බන්ධීකරණ සැලසුම් සක්රීය කරන ලදී.
    පසුගිය මැයි 05 වන දින ගම්පහ දිස්ත්රික්කයට ඇදහැලුණ වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්රික්යේ ඇති ප්රදේශ කිහිපයක ක්ෂණික ගංවතුර තත්ත්වයක් වාර්තා විය. ගම්පහ දිස්ත්රික් යුධ හමුදා සේනාංකාධිපතිගේ සම්බන්ධීකරණයෙන් ගම්පහ දිස්ත්රික්කයේ කටාන රබර්වත්ත, ගෝමස්වත්ත ප්රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව මුදවාගැනීමටත් ඔවුන් හට අවශ්ය ආහාර ඇතුලු මුලික අවශ්යතා සපයා දීමටත් ආපදා කළමනාකරණ මධ්යස්ථානය කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya