ත්‍රිවිධ හමුදාව , පොලීසිය සෙවීමේ සහ මුදවාගැනීමේ ඒකක සියල්ල ඉදිරියේදී ඇතිවියහැකි ඕනෑම ආපදා තත්වයකට මුහුණදීමට සූදානමින් පවතින බවද එම මධ්‍යස්ථානයකියා සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ෂාව පැවතුනද ආපදා කිසිවක් වාර්තා නොවූ බවත් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නාය යෑමේ නිවේදන තවදුරටත්බලපැවැත්වෙන බවත් එම මධ්‍යස්ථානය දැනුම් දෙයි
එසේම කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායයෑමේ ලක්ෂණ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත්කරන නිවේදන පිළිබඳව සැළකිළිමත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කෙරේ.
තවද නායයාමේ පූර්ව ලක්ෂණ එනම් ගස් ඇළවීම් , ආගන්තුක දිය උල්පත් ඇතිවීම් සහ සිඳීයෑම්, පොළවේ ඇතිවන පැලීම් මෙන්ම නිවෙස්වල පහළ සිටඉහළට ඇතිවන පැලුම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ලබාදෙන් අවවාදාත්මක නිවේදනවලට අනුව කටයුතු කරන ලෙසත් එම මධ්‍යස්ථානයවැඩිදුරටත් දැනුම් දෙයි
එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර 117 දුරකතන අංකය ඔස්සේ යම් ආපදා තත්වයක්දැනුම් දීමට හෝ සේවාවක් ලබා ගැනීමට හැකි බවත් එම මධ්‍යස්ථානය පවසයි.