ඒ අනුව එක් කාණ්ඩයකට පිරවුම්හල් 150 බැගින් වර්ගීකරණය කර ඇති පිරවුම්හල් කාන්ඩ 3න් කාණ්ඩ 2ක් සමග වෙන් වෙන්ව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පැවැත්විණි.
තවද නව සමාගම් සමග ගිවිසුම්ගත වීමෙන් ඉන්ධන හල් හිමියන්ට මෙන්ම සමස්ථ ඉන්ධන පාරිභෝගිකයන්ට ඇතිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන ලදි.
එමෙන්ම, නව සමාගම් සමග එක්වන ඉන්ධන හල් වල ගිවිසුම්, ලාභාංශ බෙදීයාම්, QR ක්‍රමවේදයේ ඉදිරි පියවර, ඉන්ධන මිල සූත්‍රය, මිල පාලනය හා නියාමනය, නව ඉන්ධන හල් බලපත්‍ර සම්බන්ධයෙන් ඇති වැරැදි මත වැනි කරුණු සම්බන්ධයෙන් ඉන්ධනහල් හිමියන් ගේ ගැටළු වලට පිළිතුරු ලබාදීමට හැකියාව ලැබිණි .
මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමතිවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී චානක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිසහ කළමනාකරණ අධ්‍යක්ෂ ඇතුළු වෙළඳ අංශයේ නිළධාරීන් ඇතුළු පිරවුම්හල් හිමිකරුවන් සහභාගි විය.