නිරෝෂන් කහවත්ත මහතා සභාපති ධූරයේ දිවුරුම් දීම පසුගියදා ලොස් ඇන්ජලීස්හි, වෙස්ට් කොවීනා ශ්‍රවණාගාරයේ දී පසුගිය දා සිදු කෙරිණ.
දකුණු කැලිෆෝනියානු ශ්‍රී ලංකා ඇමරිකා සංගමයේ 50 වන සංවත්සරය මේ වසරට යෙදී ඇති අතර දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ආර්ථික, සමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට නිරෝෂන් කහවත්ත මහතා අපේක්ෂා කරයි. සංගමයේ සෙසු නිලයන් පත් කිරීමද මෙහිදී සිදුකෙරිණ.
මේ අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රධාන, ඇමෙරිකා එක්සත් ජනපදයේ,ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්විය.
නිරෝෂන් කහවත්ත මහතා ලොස් ඇන්ජලීස් නුවර සිටින ව්‍යාපාරිකයෙකි. එමෙන් ම ඒ මහතා මෙරට රූපවාහිනී මාධ්‍යයේ නිෂ්පාදකවරයකු ලෙස සේවය කර තිබේ. ශ්‍රී ලංකා ඇමරිකා සංගමය ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධනය ඉලක්ක කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සංගමයකි.