නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පළාත් පාලන නිලධාරීන්ට වරලත් ගණකාධිකරණ සංගමයෙන් ඩිප්ලෝමා  

    මැයි 04, 2023

    ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ සංගමය විසින් සංවිධානය කල පළාත් පාලන ආයතන මුල්‍ය කළමනාකරණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත් ප්‍රධානය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (02) පෙරවරුවේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.

    මෙහිදී පළාත් පාලන නිලධාරීන් 65 දෙනෙකු ඩිප්ලෝමා සහතික පත් ලබාගත්හ.


    පළාත් පාලන ආයතනවල නිලධාරීන්ට අවශ්‍ය මුල්‍ය කළමනාකරණය පිළිබද දැනුම සහ ක්‍රම සම්පාදන ක්‍රියාවලිය පිළිබදව පුළුල් අවබෝධයක් ලබාදීම මෙම පාඨමාලාවේදී සිදුකර ඇත.


    මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති කනක සභාපති, පළාත් පාලන කොමසාරිස් වී.මනිවන්නන්, පළාත් රාජ්‍ය ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya