අද(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ලෝක නිදහස් මාධ්‍ය සැමරුම් දිනය අදට යෙදී තිබෙනවා. එය අපේ රටටත් වැදගත්. ඕනෑම සමාජයක යහපැවැත්ම ආරක්ෂා කර ගැනීමට, ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුළුනු 3 වැදගත්.ඊට අතිරේකව මාධ්‍යයත් වැදගත් භූමිකාවක් ඉටු කරනවා.
තර්ජන සහ බියවැද්දීම් වලින් තොරව මාධ්‍යකරුවන්ට නිදහසේ හැසිරිමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම රජයේ වගකීම බවත්, එම යුතුකම රජය අකුරටම ඉටු කර ඇතැයිද හෙතෙම පැවසීය. වත්මන් රජය කිසිදු අවස්ථාවක මාධ්‍යවේදින්ට විරුද්ධව කටයුතු නොකළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය විවේඡනය කරමින් අසත‍්‍ය‍් ප්‍රකාශ ඉදිරිපත් කරද්දී පවා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කර නැතැයි පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය නිදහසට බාධාවන සාපාරාධි අපහාස නීතිය පවා වෙනස් කළා. එතුමාටත් අපහාස උපහාස ලැබෙන ආකාරයට මාධ‍්‍ය නිදහස තහවුරු කර තිබෙනවා. එහෙත් මෙම මාධ්‍ය නිදහස සබුද්ධික ලෙස භාවිතා කිරීමේ වගකීම මාධ්‍ය වේදින්ට තිබෙනවා.