මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුයි- ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය

    මැයි 02, 2023

    රට තිරසර සංවර්ධනය කරාc යන ගමනේ දී සියලු පාර්ශ්වයන් එක් වී මුළු රටම වැඩබිමක් බවට පත් කළ යුතුව ඇති බවත් 2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු
    දෙනා කැපවි කටයුතු කළ යුතු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා මා නව උත්ප්‍රේරණ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවන්ට එක් වෙමිනි.

    එම වැඩසටහන් පසුගියදා මාතලේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, අපේ රට කාලයක් තිස්සේ විවිධ අභීගෝය රැසකට ලක් වුණු රටක්.කාලයක් තිස්සේ රටේ ජනවාර්ගික ගැටලුව ත්‍රස්තවාදයක් කරා ගමන් ගත්තා.වසර 30ක් තිස්සේ රටේ වාතාවරණයක් තිබුණා.ඒ සියල්ල අපි ජය ගත්තා.

    නමුත් අපේ රට සංවර්ධනය කර යන ගමනේදි විවිධ හැලහැප්පිවිම්වලට ලක් වුණා.මේ මොහතේ අපි සිදු කළ යුතු කාර්ය කුමක්ද කියා අපි වටහා ගැනිම වැදගත්.සාම්ප්‍රදායිකව හිතන පිරිසක් වෙනුවට ජනතා අපෙක්ෂාවන් සදහා මුල් තැන ලබා දි කටයුතු කළ යුතුයි.

    අපි තිරසර සංවර්ධනයක් කරා යන ගමනේදි පරිසිරය මෙන්ම අනෙකුත් දේවල් ගැන අප සිතා බැලිම වැදගත් මාතලේ දිස්ත්‍රික්කය තුළ රට තුළිට විදේශ විනිමය ගෙන ඒම සදහා සම්පත් බහුල දිස්ත්‍රික්කයක් .ඒවා නිසි කළමණාකරණයෙන් කටයුතු කළාද කියන එක ප්‍රශ්නයක්.නමුත් ඉදිරි දශකය අපට ඉතා වැදගත් .අපි නව ප්‍රවේශවයන් හදුනාගෙන කටයුතු කිරිම වැදගත්.එහිදා රාජ්‍ය නිලධාරින්ට විශාල කාර්යභාර්යක් ඉටු කළ යුතුයි.

    ප්‍රතිපත්ති සම්ප්‍රදාකයින් ලෙස අපට අවශ්‍ය ප්‍රතිපාදන වගේම අනෙකුත් පහසුකම් සැපයිමට අප බැදි සිටිනවා.විශේෂයෙන් රත්තොට සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙ කෙරෙහි මාගේ විශේෂ මැදිහත්විම ලබා දෙනවා.

    අප එක් කණ්ඩායමක් ලෙස මේ අභීයෝග ජය ගතයුතුයි.අපි නිසි ලෙස සංවර්ධන වැඩසටහන් ජනතාවගේ ජිවනෝපාය සංවර්ධන මෙන්ම අනෙකුත් දේවල් පිළිබදව අවධානය යොමු කිරිම වැදගත්.වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට තිබු අර්බුදකාරි තත්වයෙන් මුදවාගෙන කටයුතු කරමින් සිටිනවා.

    විදේශ රටවලින් මෙන්ම අනෙකුත් සංවිධාන වලින් රටට යහපත් අයුරින් මුල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබා දෙනවා.විවිධ අභීගෝග රැසක් සමග අපි මේ දේවල් කරනවා.ඒ නිසා අපට ඇති කාර්ය භාරය වෙන් වෙන්ව හදුනාගෙන තම වගකිම් සහ යුතුකම් රට වෙනුවෙන් ඉටු කිරිම වැදගත් බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya