මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකලපුවෙන් දරු දැරියන් රැගෙන කොළඹට පැමිණි සංස්කෘතික නෑ ගම

    මැයි 01, 2023

    අපේ රටේ ජාතික සමගිය ඉස්මතු කෙරෙන සුවිශේෂී සංස්කෘතික කලා මංගල්‍යයක් පසුගියදා (29) රාත්‍රියේ දී කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබුවා.

    මඩකලපුව මන්මුනේ උතුර සංස්කෘතික මධ්‍යස්ථානයේ දරු දැරියන් ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක්, ඔවුන්ගේ සුවිශේෂී ගායන, වාදන, නර්ථන සංස්කෘතිකාංග බොහෝමයක් ඉදිරිපත් කරමින් වේදිකාව විචිත්‍රවත් කරනු ලැබුවා. මෙම අවස්ථාව සිංහල දමිළ සියළු දෙනාටම ජීවිතයේ සුවිශේෂී අත්දැකීමක් බවට පත් වුණා. විශේෂයෙන්ම සිංහල, දමිළ දරුවන් සියළු දෙනා විසින් මහත් උද්යෝගයෙන් මෙම සංස්කෘතික ප්‍රසංගය සදහා ඉදිරිපත් වුණා. එසේම රසවිඳිනු ලැබුවා. මේ සඳහා කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථානය විසින්, එහි ගුරු භවතුන් සිසු දරු දැරියන්, කලා ශිල්පීන් මෙන්ම ප්‍රදේශයේ අනෙකුත් සංවිධාන ද එකතු කරගනිමින්, සිංහල සංස්කෘතිකාංග බොහෝමයක් ඉදිරිපත් කරනු ලැබුවා. එසේම එදින දහවල් කාලයේ දී බක් මහ උළෙලක් ද සංවිධානය කෙරුණා.
    ජාතීන් අතර සහෝදරත්වයේ බැඳීම වඩාත් ශක්තිමත් කෙරෙන මෙවන් සංස්කෘතික මංගල්‍යයන් සංවිධානය කිරීම සඳහා විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ අදහස් සහ මගපෙන්වීම යථාර්ථයක් බවට පතක් කරමින්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයත්, සංස්කෘතික දෙපාර්තමේන්තුවත්, කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව අපේ රටේ සියළු දෙනාට වටිනා පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා. එසේම මඩකලපුව මන්මුනේ උතුර සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරීතුමිය, ගුරුභවතුන් මෙන්ම එම දරුදැරියන් ද මේ වෙනුවෙන් ඔවුන්ගේ උපරිම කැපවීමෙන් මේ සඳහා දායකත්වය ලබා දුන් අතර කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථානය භාර නිලධාරීතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉමහත් කැපවීමෙන් සියළු කටයුතු සංවිධානය කර තිබුණා.
    මෙම අවස්ථාව සඳහා සංස්කෘතික අමාත්‍යංශ ප්‍රධානීන්, සංස්කෘතික දෙපාර්තමේන්තු නිලධාරීන්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම්තුමන්, ප්‍රවීන කලා ශිල්පීන්, කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථාන නිලධාරීන් ගුරුභවතුන්, සිසු දරු දැරියන් දෙමාපියන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද සහභාගී වී සිටියා. එසේම අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගී වුණා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya