මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්ථවත් ලෙස මෙවර වෙසක් උත්සවය සමරමු - මැයි මස 02 දින සිට මැයි මස 08 වන දින දක්වා වෙසක් සතියක්

    මැයි 01, 2023

    සරල බව හා චාම් බව පෙරදැරිව අර්ථවත් ලෙස මෙවර වෙසක් උත්සවය සමරමු '' යැයි බෞද්ධ කටයුතු ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, (27 )දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ආර්ථික වශයෙන් විවිධ පසුබැම්වලට පත් වුවත් සුපුරුදු වෙසක් උත්සවයකට වඩා මෙවර වෙසක් උත්සවය වෙස්වළාගත් ආශිර්වාදයක් කරගෙන අර්ථවත් ලෙස සැමරිය යුතු බව අමාත්‍යවරයා කීය.

     

    ආගමික කටයුතු අමාත්‍යාංශය වසර පුරා විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර සියලු ජනකොටස්වලට බුදු දහම විවෘත ඇති හෙයින්,එය සංකේතවත් කරමින්,විවිධ ජනකොටස් සිටින පුත්තලම දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශයක මෙවර වෙසක් උත්සවය සංවිධානය කර ඇත.අලුත් ආකාරයේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරිමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04-05 දෙදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රි රතනශිලි පිරිවෙන් විහාරයේ ස්ථානයේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

    මිට සමගාමිව , මැයි මස 02 දින සිට මැයි මස 08 වන දින දක්වා වෙසක් සතියක් ක්‍රියාත්මක බවත්,එක් එක් සේවා පාඨ යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බව ද කීය.

    එසේම දන්සල් පැවැත්විම, සැරසිලි කිරිම,බුදු රුව හා බුදු රුව යොදා ගන්නා ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මේ වන විටත් ලබා දි ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා පවයසි. එසේම කිසිදු විටක බෞද්ධ කොඩිය සැරසිල්ලක් ලෙස යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි. එලෙස සැරසිලි කිරිමට අවශ්‍ය නම්,කහ පැහැති කොඩියක් භාවිත කරන ලෙස ද පැවසිය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya