මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීම සදහා දකුණු අප්‍රිකවේ සංචාරයෙන් ලබා ගත් අත් දැකීම් ඉතා වැදගත්

    අප්‍රේල් 29, 2023

    මෙරට ජනතාව අතර සාමය සංහිදියාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් පිහිටුවනු ලබන සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීම සදහා දකුණු අප්‍රිකවේ සංචාරයෙන් ලබා ගත් අත් දැකීම් ඉතා වැදගත් වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, දකුණු අප්‍රිකානු ජන රජයේ 29 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයේ (27) සංවිධානය කළ ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.

    ශ්‍රී ලංකාවේ ජනතාව අතර සංහිදියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියේදී දකුණු අප්‍රිකාවේ විශිෂ්ටතම නායක නෙල්සන් මැන්ඩෙලා මහතාගේ දර්ශනයෙන් ලබාගත හැකි ආදර්ශයන් බොහෝමයක් පවතින බවත් හෙතෙම පැවසීය.

    දකුණු අප්‍රිකාවේ සිදු කළ සංචාරයේ දී වත්මන් ජනාධිපති සිරිල් රමපෝසා මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නායකයින් සමග සාකච්ඡා කළ බවත් එහිදී එරටජනාධිපතිතුමා ඇතුලු සියලු දෙනා ලබා දුන් සහායට ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

    එසේම ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා 1994 වර්ෂයේ ආරම්භ වී තිබෙන අතර එතැන් සිට මේ දක්වා දෙරට අතර ඉතා විශිෂ්ටලෙස රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවත් දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය තවදුරටත් වැඩි දියුණු කර ගනිමින්දෙරටෙහිම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියටත් කැපවී ක්‍රියා කළ යුතු බව අධිකරණ අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

    දකුණු අප්‍රිකාවේ පැවති සුදු කළු වර්ණභේදවාදය අවසන් කිරීමෙන් පසු සියලු ජාතීන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව 1996 අප්‍රේල් මස 27 ලැබී ඇති අතර, එම දිනයට ‌ගෞරවයක් වශයෙන් දකුණු අප්‍රිකානු ජනතාව ජාතික නිදහස් දිනය ලෙස අප්‍රේල් මස 27 වන දින ප්‍රකාශයට පත් කර තිබේ.

    කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම උත්සවයට කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි, සෞඛ්‍ය අමාත්‍යකෙහෙලිය රඹුක්වැල්ල, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් S.E.Schalk මහතා ඇතුලු මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී Julie Chung, ශ්‍රී ලංකාවේ ජපානතානාපති MIZUKOSHI Hideaki, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Gopale Bagle යන මහත්ම මහත්මීන් ඇතුලු තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකනියෝජිතයින් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya