මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි කටයුතු සඳහා අනු කාරක සහා ත්‍රිත්වයක්

    අප්‍රේල් 29, 2023

    භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි කටයුතු සඳහා අනු කාරක සහා ත්‍රිත්වයක් පිහිටුවීම පිළිබඳ  අවධානය යොමු කෙරිණි.

    එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී මෙම අනුකාරක සභා ත්‍රිත්වය පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    ඒ අනුව, කාරක සභාවේ සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අනුව වැවිලි කර්මාන්ත, කර්මාන්ත සහ තාක්ෂණ, වරාය, නාවික හා ගුවන් සේවා, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා යන අනු කාරක සභා ත්‍රිත්වයක් පිහිටුවීම පිලිබඳ මෙහිදී දීර්ඝලෙස සාකච්ඡා කෙරිණි.

    එම අනු කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම මීළඟ කාරක සභා රැස්වීමේදී සිදුකරන බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය. තවද මෙම අනු කාරක සභාවල සේවය කිරීමට කැමති මන්ත්‍රීවරුන් තම යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

    ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ගනු ලබන තීරණ සහ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවේ සාකච්ඡා කළේය. ඒ අනුව, කාරක සභාවේ දී සලකා බලන එක් එක් කරුණු සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීම අවශ්‍ය බැවින්, ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහන් කළේය.

    එයට අමතරව, ආංශික අධීක්ෂණ කාරක සභාවට තරුණ නියෝජනය සම්බන්ධ කරගැනීම, මෙම කාරක සභාවේ විෂය පථයට අයත් නොවන ආයතන සම්බන්ධ කිරීම සහ අදාළ අංශය හා සම්බන්ධ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ආයතන කාරක සභාව සමග සම්බන්ධ කරගැනීම ඇතුළු කරුණු මහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    මෙම රැස්වීමට (මේජර්) සුදර්ශන දෙනිපිටිය, කරුණාදාස කොඩිතුවක්කු, සම්පත් අතුකෝරල, සුජිත් සංජය පෙරේරා, උදයකාන්ත ගුණතිලක සහ වේලු කුමාර් යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya