මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF යෝජනාවලින් වාසි හිමිවන්නේ ශ්‍රී ලංකා ජනතාවට මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොවේ

    අප්‍රේල් 28, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් නිර්නායක පිළිගනු ලැබුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒවා මෙරට ජනතාවට ගැලපෙන පරිදි වෙනස් කිරීමෙන් අනතුරුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(28) පාරලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් විස්තීරණ ණය මුදල පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය වන අද දින පිළිතුරු කතාව කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ප්‍රජත්‍රන්තවාදයේ සුවිසේශී අවස්ථවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විවාදයේ මන්ත්‍රීවරු ලබා දුන් සියලු අදහස්
    එක් කරන බවත් ඉදිරි සමාලෝචන වලදී අදහස් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන බවද හෙතෙම සඳහන් කළේය.
    2022 වසරේ රාජ්‍ය ආයතනවල අලාභය සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදමට සමානයි. අනාගතය විකෘති නොකර ප්‍රතිව්‍යහගතකරණයට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේම උපදෙස්
    අවශ්‍ය වන්නේ නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya