නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලිය ප්‍රවනතා අධ්‍යනය කරමින් දේශිය නිෂ්පාදන වැඩපිළිවෙළ ශක්තිමත් කළයුතුයි

    අප්‍රේල් 28, 2023

    ගෝලිය ප්‍රවනතා අධ්‍යනය කරමින් දේශිය නිෂ්පාදන වැඩපිළිවෙළ ශක්තිමත් කළයුතු බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ,කර්මාන්ත අමාත්‍යාංශයේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙවරත් පැවැත්විමට නියමිත “Industry 2023” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත උළෙල නිල වශයෙන් දියත් කිරිම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ හා ප්‍රාථමික කටයුතු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසනායක යන මමහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දිනයේදි පැවැත්විණි.

    කොවිඩ් වසංගතය හමුවේ,බිඳ වැටුණු ආර්ථික හමුවේ දේශිය කර්මාන්ත නගා සිටු වන්නට වර්තමාන රජයට සැබැ වුවමනාවහා ඒ වෙනුවෙන් ඉදිරි පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසිය.

    මෙම සම්මාන උළෙල ජුනි 23,24,25 යන සිව් දින පුරා කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මනුත්‍රණ ශාලා පරිශ්‍රෙය්දි පැවැත්විමට සැලසුම් කර තිබේ.

    හදුනාගත් කර්මාන්ත ක්ෂේත්‍ර 20කට අධික ප්‍රමාණයක් මුල් කොට ගෙන පවත්වන මෙම ප්‍රදර්ශනය කර්මාන්තකරුවන්,දෙස් විදෙස් ආයෝජකයින් මෙයට සහභාගි වන අතර,කර්මාන්ත ප්‍රමුඛතා මත පදනම්ව විශ්ව විද්‍යාල ,වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ශාස්ත්‍රීය ආයතන,වෙනත් පර්යේෂණ ආයතන සිදු කෙරූ නිර්මාණ මෙහි ප්‍රදර්හනය කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    මෙයට සමහාමිව “ජාතික කර්මාන්ත දිනය” හදුන්වා දිමට නියමිතය.මෙම අවස්ථාවට විදේශ තානාපතිවරුන්,කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, ජානක ධර්මකිර්තිඅතිරේක ලෙකම්වරුන් ඇතුළු නිලධාරින්,හා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya