මිට පෙර 16 වතාවක් IMF වෙත ගියත් මෙලෙස එම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ පළමු වතාව මෙය බවය. පසුගිය මාස 12 තුළ රාජ්‍ය සේවයේ කිසිවෙකුත් ඉවත් කර නොමැති බවත්, වැටුප් - විශ්‍රාම වැටුප් නවත්වා නොමැති බවත් අගමැතිවරයා සඳහන් කළේය. රජය ලෙස දේශපාලන සහ ආර්ථික ස්ථායිකරණය ඇතිකළ බවත්, ආර්ථිකය යළි පණ ගැන්වීමේ පදනමකට පැමිණ ඇති බවත්, පැවසූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අනිවාර්යයෙන් නාස්තිය හා දුෂණය නතර කළ යුතු බවත්, අවධාරණය කළේය. අපේ රටේ ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබා, රට අහරින් ස්වයංපෝෂිත කිරීමේ ක්‍රියාවලියට සහයෝගය දියයුතු බවත් ඔහු කියා සිටියේය.
මේ නිසා මේ ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කරුණු ඉදිරිපත් කළේ, ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේදී 2023.0428 දින එක්වෙමිනි.
සංචාරක ක්ෂේත්‍රයේ, විදේශ ප්‍රේෂණ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති බව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ අගමැතිවරයා, බදු ආදායමද දෙගුණයක් කරගැනීමට හැකිවූ බවද පැවසිය. දේශපාලනයේ ඉදිරිය බලා කරන ප්‍රකාශයන්ට වඩා, පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයන් ගැන සිතා බලන ලෙස, ඔහු ඉල්ලා සිටියේය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
............................
"ගරු කතානායකතුමනි,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම පිළිබඳ විවාදයට එක්වන්නට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ, විශේෂයෙන් පසුගිය වසරේ අපේ රට මුහුණ දුන්නු දරුණුතම මූල්‍ය අරමුදල අන්පෙර දවසකට වඩා මුහුණ දුන්නු මූල්‍ය හා ආර්ථික අර්බුදය හමුවේ මුළු මහත් රට අඩපණ වී ගිය ආකාරය මේ පාර්ලිමේන්තුවට මතකයි. අපේ රටේ ජනතාවට එය අමතක වන්නේ නෑ. එවකට තිබුණු පාලන තන්ත්‍රය වෙනස් වී ජනාධිපතිතුමා තමන්ගේ ජනාධිපති ධූරයෙන්ද අයින් වී, අමාත්‍ය මණ්ඩලයද අමාත්‍ය ධූරයෙන් අයින් වී නව අමාත්‍ය මණ්ඩලයක් හා පාර්ලිමේන්තුව විසින් අලුතින් ජනාධිපතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ඉතාම බහුතර අනුමැතියකින් පත් කරගනු ලැබුවා. ජූලි මාසය අවසන් වීමෙන් පස්සේ එම අර්බුදය සමනයකට පරිවර්තනය කිරීමේ උත්සාහයට, විශාල දේශීය හා ජාත්‍යන්තර උත්සාහයක් දැරීමට සිදුව තිබුණු බව මුළු පාර්ලිමේන්තුවම දන්නවා. ඒ බව ප්‍රකාශ කරලාත් තිබෙනවා. අපි ආණ්ඩුපක්ෂයේ සිටියත්, විපක්ෂයේ සිටියත්, සියලු දෙනා විසින් ප්‍රකාශ වුණේ ගරු කතානායකතුමනි, මේ අර්බුදය විසඳීමට රටේ ආර්ථිකය හා එදිනෙදා ආර්ථික සේවාව හා නිෂ්පාදන ගෙන ඒමට කටයුතු කළ බවත්, විරුද්ධ පක්ෂයම ප්‍රකාශ කළා කිහිප වතාවක් IMF එකට යන්න කියලා. ඒ අය කිව්වා කියලා.
ඒ අය කිව්වත්, මේ අය කිව්වත් IMF එකට යන්න කිව්ව කතාව පොදුවේ පාර්ලිමේන්තුවේ හා ජාතික වශයෙන් වෘත්තිමය විශේෂඥයන් විසින් ද ආර්ථික විශේෂඥයන් විසින් ද ඉදිරිපත් කරපු කාරණාවක්. අද ඒ අනුව ඉතාම සාර්ථක අවස්ථාවකට අපි පැමිණෙමින් තිබෙනවා. අර්බුදය අපි භාර ගෙන , ඒ අර්බුදය හරහා ඇති අභියෝගය ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යවරයා හැටියටත් කටයුතු කරන්න පුලුවන් වුණු සහනදායී තත්ත්වයන් බොහෝමයක් අපේ රටේ ආර්ථිකයේ, ඉන්ධන ක්ෂේත්‍රයේ, එදිනෙදා පරිපාලන ක්ෂ්‍රෙත්‍රයේ, රටේ නිෂ්පාදන ක්ෂේත්‍රවල විදේශ විනිමය ආකර්ශනය කරගැනීමේ ක්ෂේත්‍රවලට පැමිණීම පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අපට ආධාර ලැබෙන, ණය ගණුදෙනු කරන රටවල්, ශ්‍රී ලංකාව සමඟ පැවති, තහනම් වැනි වචනයකට පරිවර්තනය වුණු මූල්‍ය ප්‍රතිපාදනයන් අද ක්‍රියාත්මක කරන්න එකඟ වී තිබෙනවා.
ඉතින් එහි මූලික කොන්දේසි අතරට එකක් IMF ගිවිසුම. අපි ප්‍රකාශයට පත් කළා, බකොළොත්භාවය පිළිබඳව. බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් ගොඩ ඒමට වූ පළවෙනි පියවර ගැනීමට අවසර තිබුණා අපට. මේ IMF සමඟ කළ සාකච්ඡාවන් වල ප්‍රතිඵලයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9, 2.9 Billion IMF Facility එක අපට කාර්තු වශයෙන් ලැබෙනවා. ඒ Facility එක ලැබීමේ විශ්වාසය IMF පමණක් නොව. ඉතා දීර්ඝ සාකච්ඡා වල ප්‍රතිඵලයකින් පසු, ප්‍රතිඵලයන්ගේ හේතුව මත එය අනුමත කර ගැනීමට තිබුණු අවස්ථා රාශියක්.
මේ පළවෙනි වතාව නෙවේ අපි IMF එකට ගියේ. මේ 16 වෙනි වතාව අපේ රටේ ඉතිහාසයේ. බොහෝ අය කියනවා මම අහගෙන හිටියා මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් කියනවා මෙය පළවෙනි වතාවට ගියපු කතාවක් වගේ. ආණ්ඩු හැම එකක්ම, එක්කෝ එක ආණ්ඩුවක ඉඳලා විපක්ෂයට ගිහිල්ලා, එක්කෝ විපක්ෂයේ ඉදලා ආණ්ඩුවට ආපු අය මේ ජ්‍යෙෂ්ඨයන්ට අමතකයි තමුන් මේ 16 වතාවම සහභාගී වෙලා තිබෙන බව හෝ ඒකෙන් අඩක් දැනට සහභාගී වෙලා තිබෙන බව.
ඊට ඉදිරි පියවරක් අපි අරන් තියෙනවා. මේ ගිවිසුම් පිළිබඳ වෙනම විවාදයන් හා ඒ පිළිබඳ සියලු කෙටුම්පත් ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තියෙනවා. එය පළවෙනි අවස්ථාව ලංකා පාර්ලිමේන්තුවේ. එ් නිසා ඉතාම ප්‍රජාතතන්ත්‍රවාදී හා විවෘත භාවයෙන් මේවාට කටයුතු කරන්න සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වන බව සඳහන් කලා. කාරණා කිහිපයකට මම සඳහන් කරනන් කැමතියී කාල වේලාව මත.
කතානායකතුමනි, මේ කාල පරිච්ඡේදය තුළ තිබුණු මූලික අර්බුදයන් වලින් අප ඉන්ධන බෙදා හැරීම, විදුලි අර්බුදය, ගෑස් අරුබුදය පමණක් නොව අපේ රටේ ගොවි ජනතාවට යළි ගොවිතැනට ගොස් ගොවිතැන් කිරීමට පුළුවන් වන පරිදි පොහොර ලබා දීමේ ක්‍රියාවලිය යළිත් පෙර තත්ත්වයන්ට ගෙනෙන්නට පුළුවන් කම ලැබුණා.
පළවෙනි දේ,අස්වැන්න, මුළු පාර්ලිමේන්තුවත්, රටත් පිළිගන්නවා. ඉතා සාර්ථික අතිරික්ත සහල් නිෂ්පාදන අවස්ථාවකට අපට පැමිණෙන්නට අපේ රටේ ගොවි ජනතාවට ඒ විශ්වාසය තහවුරු කර තිබෙනවා. මා හැමදාම මේ පාර්ලිමේන්තුවේ සදහන් කළේ මේ රට ආහාර ස්වයංපෝෂිත රටක් විදිහට අපේ රටේ ගොවිජනතාව කෙරෙහි විශ්වාසය තබලා ඒ කටයුතු අපි සිදුකිරීමේ ක්‍රියාවලියට සියලු දෙනා එක්ව මේවා අර්බුදයෙදි සහයෝගය දෙන ලෙසයි. ගොවිජනතාවට ඒ බලාපොරොත්තු ඉටු කර දෙන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා.
ඒ විශ්වාසය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් වී තිබුණු ලෝක ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අලුත් විශ්වාසයක් ලෝකයේ රටවල් සමඟ කටයුතු කිරීමේ දී.
දෙවෙනි කාරණාව මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතී, රට පුරා අපේ රාජ්‍ය සේවාය, අපිට බොහෝ විට ප්‍රකාශනයට පත් වුණා ලක්ෂ ගණන් අස්කරයි කියලා. ලක්ෂ ගණන් වලට රක්ෂාවල් අහිමිවෙයි වහාම. ඒ නිසා මේකෙ බරපතළම තත්වයන් කියා බොහෝ අය මේ අනාවැකි කියන දේශපාලනය, අනාවැකි පළකරා යළිත් ආර්ථිකයට ගමන් කරන ක්‍රියාමාර්ග සැළකිල්ලට නොගෙන.
මේ කාල පරිච්ඡේදය තුළ කතානායකතුමනි, පසුගිය මාස 12 තුළ රාජ්‍ය සේවකයන් කිසිවකින් අපි අස් කරලා නෑ. කිසිම රාජ්‍ය සේවකයන්ගේ වැටුප කවදාවත් නවත්තලා නෑ. විශ්‍රාමිකයන්ගේ වැටුප් විශ්‍රාම දීමනාවල් නවත්වලා නෑ. මෙය ශ්‍රී ලංකාව ලබා දී තිබෙන ආදර්ශයක්. වෙනත් රටවල් මේ අර්බුදයන්ට මුහුණ දෙනකොට විශාල සංඛ්‍යාවල් රාජ්‍ය සේවකයන් වහාම ගෙදර යැව්වා. විවිධ විශ්‍රාමික දීමනා ලබපු රටවල් යුරෝපය වැනි රටවල්වල පවා ඒක අහිමි වුණා. ඒ නිසා ශ්‍රී ලංකා රජයට එය දිගටම කරන්නට පුළුවන්කම ඇති වුණා. දැන් පසුගිය කාලය තුළ මේ අර්බුදය හරහා අපි රුපියල් මුද්‍රණය කිරීම පවා අත්හිටුවා තිබීමේ ක්‍රියාවලිය මං හිත්නනේ ඉතාම ඵලදායී තත්වයට පරිවර්තනය වෙමින් පවතිනවා.
ඒ වගේම, තවත් කාරණාවක් තමයි සංචාරක ක්ෂේත්‍රය සහ පිටරටින් අපිට ලැබුණු විදේශ විනිමය, විදේශ ප්‍රේක්ෂණයන්ගේ ප්‍රමාණය ගැන. මුලින් තිබුණු අර්බුදයෙන් අපි ගොඩ වෙලා දැන් 2022 සිට 2023 දක්වා වූ ලේඛනය සභාවේ සභාගත කරනවා. Monthly remittances April 22nd to March 23 two three how it has increase. There is confidence. People are remitting in dollars. It’s coming to Sri Lanka. We are back on the track of getting the remittances as before we hopefully think that by the end of the year that we will reach a very satisfactory target.
ඊළඟට අපි සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබුණු විදේශ විනිමය යළි පනගන්වන්නට පුළුවන් වී තිබෙනවා. මේ 2023 වසරේ පමණක් පළවෙනි කාර්තුව, ඒ කියෙන්නේ තව දවස් තුනකින් හමාර වන අප්‍රේල් හී පළවෙනි කාර්තුවේ අපි ලක්ෂ 4කට ඉක්මවා විදේශ විනිමය රැගෙන එන විදේශ සංචාරකයන් පැමිණ තිබෙනවා. මේ ප්‍රගතිය හරියාකාරව අප කළමනාකරණය කරන්නට හා එය ඉදිරියට ගෙන යන්නට පුළුවන් වුණොත් ඉතාම වාසිදායක තත්වයකට, පෙර පැවති තත්වයන් ළඟට, කිට්ටුවටම සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ එන්නට පුළුවන් ශක්තිය ලබා දෙනවා.
ඒ වගේම, අපි ආදායම් මාර්ග වැඩි කර ගැනීම ගැන පළවෙනි කාර්තුවේ පමණක් බදු ආදායම දෙගුණ කර ගැනීමට පුළුවන් වී තිබෙනවා. ඒ බදු පැනවීම ගැන යම්කිසි රිදීමක් තිබෙනවා. ඒ ගැනත් ගැටලුවකත් නෑ. ඔව් ඒ ගැන රිදීමක් තියෙන්න පුළුවන්. බදු වැඩි කරාම බදු වැඩි කරයි කියනවා. බදු අඩු කරාම කියනවා, බදු අඩු කරාම කියනවා බදු අඩු කරපු නිසයි මේ පාඩුව වුනේ කියලා. ඉතින් දෙකටම, දෙකටම විරුද්ධයි. දෙකටම විරුද්ධයි. බදු අඩු කරාම අයවැය ලේඛනයෙන් ඒ බදු අඩු කරපු නිසා මේ ආර්ථික අර්බුදය ඇති වුණයි කියනවා. බදු වැඩි කරලා ආදායම වැඩි කරගෙන හිඟය පියවා ගැනීම සඳහා කටයුතු කරනකොට එම හිඟය පියවා ගැනීම සඳහා වූ උත්සහයට කටයුතු කරනකොට කියනවා බදු වැඩි කිරීමෙන් ඇති කර ගත්ත අර්බුදයක් ඇති වී තිබෙනවා කියලා. අමාරු තමයි, අපි කවුරුත් මේ අමාරු කාලේ බව පිළිගෙන, මේ සභාවේ කියපු කතන්දර මාස 12 තුළ අමතක වී තිබෙනවා.
මේකයි ප්‍රශ්නය. පාර්ලිමේන්තුව වගකීමක් ඇති ආයතනයයි, මුළු රටක් බලන. පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශනයක් දේශපාලන වාසියේ මාසයකට බලලා කරන ප්‍රකාශයන් සහ ඊට වඩා ගැඹුරින් රටේ අනාගතය ගැන ඉටු කළ යුතු කාර්යභාරය ගැන කල්පනා කරන්නට කියලා මම යළිත් මේ හදිසි ප්‍රකාශයන්වල නිරත වී තිබෙන ගරු විපක්ෂයට ආයාචනය කරන්නට කැමැතියි.
සමහර විට හිතනවා IMF ගිවිසුම පමණයි තියෙන්නේ කියලා අපිට. නෑ. IMF ගිවිසුම විවෘත කරලා තිබෙනවා ලෝකයේ අනිත් ජාත්‍යන්තරය සමඟ මූල්‍ය ගනුදෙනු යළි පටන් ගන්නට. බැංකු ක්ෂේත්‍රය සමඟ ගනුදෙනු යළි පටන් ගන්නට. ගරු කතානායකතුමනි, ඊට අතිරේක වශයෙන්, අපේ මිත්‍ර රටවල් ජනාධිපතිතුමා සඳහන් කළා. පැරිස් කණ්ඩායම, චීනය, ඉන්දියාව, විශේෂයෙන් ඉන්දියාව මේ වගේ ආර්ථික බංකොලොත්භාවයකට පත්වී තිබුණු අවස්ථාවේත් ශ්‍රී ලංකාවට විශේෂ ආධාර දුන්නා. බංගලිදේශය අපිට හුවමාරු කරන මුදලක් දුන්නා. මේ තිබ්බ බරපතල තත්වයන් කෙරෙහි ශ්‍රී ලංකාවට ඔලුව උස්සන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය අද තහවුරු කර තිබෙනවා.
මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි, මේ ජාත්‍යන්තර සහයෝගය තුළ අපිට ඒ විශ්වාසනීය මාර්ගයේ ගමන් කරන්න මේ ගිවිසුම ශක්තියක් වෙයි. ඇයි මීට අතිරේකව ශ්‍රී ලංකා රජයට තව වැඩපිළිවෙලවල් තිබෙනවා. IMF ගිවිසුමේ තියෙන දේ පමණක් නෙවෙයි, අපේ ආර්ථික හා මූල්‍ය ප්‍රබෝධය ඇතිකර ගැනීමට ගමන් කරන්නේ කියන ටික ඉතාම වගකීමෙන් මම කියන්න කැමැතියි. පෞද්ගලික ආයෝජනයක් පැමිණීම පටන් ගෙන තිබෙනවා. විශාල, මහා ප්‍රමාණයක් නැති වුණාට එය ප්‍රගතියක් බවට පරිවර්තනය වී තිබිම හොඳ ලක්ෂණයක් කියලා අපි විශ්වාස කරනවා.
ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක් තිබෙන බව නිරන්තරයෙන් කියනවා. එය වැරදි විදිහටත් වචනය පාවිච්චි කරනවා. යම් යම් ආයතනය පාඩුවට ගමන් කරන බවත් අපි දෙපාර්ශවයම එකඟ වෙනවා. ඒ නිසා ඒවා පිළිබඳ සාකච්ඡා කොට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි මඟපෙන්වීමක රාමුවක් IMF එක අපිට දීලා තියෙනවා. ඒක නෑ කියලා කියන්නේ නෑ. ඒ අනුව අපි කටයුතු කරන්නට පුළුවන්කම අපිට විශ්වාස කරනවා පුළුවන් වෙයි කියලා. දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නයේ, දුගී බව අපේ රටේ සමාජයේ පැතිරී ගොස් තිබෙනවා. මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. මේක යමිකිසි දුරකට වැඩි වී තිබෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත්, දුප්පත්කම ඔබලාගේ ආණ්ඩුත්, අපේ ආණ්ඩු කාලවල පිළිගෙන, දුප්පත්කමට විසඳුම් සෙවීම සඳහා වූ සහන මල්ලවල් ඉදිරිපත් වුණු වැඩපිළිවෙලවල් තිබෙනවා.
මේක තමයි යථාර්ථය. අපි මේ welfare net එක හරහා that is giving the protection to the most under builded low income families in the country. it will remain, it will may increase for the increase we have got the assurances and in by July as explain this increase will start
ඉතිං ඒ නිසා අපි එකමුතුවෙන් මේ පහළතම ආදායම ලබන කොට්ඨාශවලට ලබාදිය හැකි සහන මල්ල, ඒ ආරක්ෂක දැල මේ ගිවිසුම යටතේ අහෝසි කරලා නෑ. එය පවතිනවා. එය අමාරු අභියෝගයක්. ගරු කථානායකතුමනි, එය ජයගත යුතුයි.
සමහර අය හිතන්න පුළුවන් මේ තුළින් එක රැයින් මේ ප්‍රාතිහාර්ය මවනවා කියලා. මම එසේ අග්‍රාමාත්‍යතුමා හැටියට ප්‍රකාශ කරනවා. එක රැයින් ප්‍රාතිහාර්ය මැවෙන්නෙ නෑ. ආර්ථික පණ ගැන්වීමට කාලපරිච්ඡේදයක් අවශ්‍යයයි. ඒ විශ්වාසය අපි දෙගොල්ලවල් ඉෂ්ට කරන්නට පුළුවන් වෙන්නේ රටේ ආර්ථික ක්‍රියාදාමයේ යෙදිලා තිබෙන කොටස්වල සහයෝගයෙන්. ඒ උදාහරණ දෙකක් සංචාරක ක්ෂේත්‍රයේ හෝටල් කර්මාන්තය. අපේ විදේශ විනිමය වන අපේ විදේශ ප්‍රේෂණයන් , ඒ අය ඒ විශ්වාසය.
ඒ වගේම අපේ රටේ ආර්ථිකයේ අනෙක් ක්ෂේත්‍ර බැංකු ක්ෂේත්‍රයේ ඉහල පොලියක් පවතිනවා. මේ නිසා කර්මාන්තකරුවන්ට ආයෝජන කරුවන්ට රට තුළ සිටින යළි තම ක්ෂේත්‍ර පණගැන්විය හැකි ක්‍රියාමාර්ගයකට අපි පිවිසෙන්නට ඕනෙ. මේ අතිරේක ක්‍රියාමාර්ග ඇති කරගැනීමට පුළුවන් වුණු විශ්වාසය තමයි දේශීය ජාතික කර්මාන්තකරුවන්ට ලබා දිය හැකි ක්‍රියාමාර්ග ඉදිරියේ ගොඩනැගීම සඳහා එය රජය විසින් අත හැරෙන නොමැති බව මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරන්නට කැමතියි.
ඒ වගේම අපි අපේ රටේ ඉදිරිය සඳහා ගමන් කිරීමේ, රුපියලේ වටිනාකම ඩොලරය හරහා සමග සංසන්දනය කරන්නේ නම් යම්කිසි ප්‍රගතියකට පරිවර්තනය වෙමින් තිබෙනවා. එය විශ්වාසයක්.එය මහා ප්‍රාතිහාර්යයක් කියලා හිතන්නට නැතුව එය ප්‍රගතිය ඇතිවී තිබෙන විශ්වාසය අපි ඉදිරියට ගෙන යමු කියන ටික ශක්තිමත් භාවයට ආර්ථිකයේ පණගැන්වීම සඳහා උපයෝගී වෙනවා ඇති බවත් අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම
අපේ රටට ලැබෙන අලුත් උත්සාහය තුළ රාජ්‍ය අංශයේ පමණක් නොව ජාත්‍යන්තර ආයෝජනයන් හා දේශීය පෞද්ගලික අංශයට ද?ආර්ථිකය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක කළ හැකි ලෙස වෙළඳපොළ සකස් කර ගැනීමේ මූලධර්මයේ මූලික සාධකයන් අපි පිළිඅරගෙන කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයක යෙදිලා තිබෙනවා බව මේ ගිවිසුම තවත් එයට ශක්තියක් දෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි. අපි බලමු මම යළිත් ඉල්ලා සිටින්නේ පසුගිය මාස ගණනාව තුළ ගමන් කර ඇති මාර්ගයටත් අලුතෙන් ආර්ථික විශ්වාසයක් ජනිත කරන ක්‍රියාමාර්ගය.
ඉතාම පැහැදිලිව ඉතාම පැහැදිලිව මේ ආර්ථිකයේ යළි පණගැන්වීමේ උත්සාහයට අද අවශ්‍ය පදනමකට අපි පැමිණ තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අයිඑම්එෆ් ගිවිසුම හා ඊට අතිරේකව අපි පිවිසෙනවා
අලුත් ආයෝජකයන් හා ණය සහන සහන ආධාර වලට පිවිසෙන්නට ද්විපාර්ශික එකඟතාවයන් ද ඇති කර ගැනීමට අපේ මිත්‍ර රටවල් සමඟ. ද්විපාර්ශ්වික එකඟතාවයන්ට බාධාවන් ඇති කිරීමට තිබෙන්නා වූ යම් යම් සීමාවල් ගිවිසුමේ තියෙනවා. නමුත් ඒ ගිවිසුමේ සීමාවල් තුළ එම ද්විපාක්ෂික ගිවිසුම්වලට එළඹීම අවශ්‍යයයි. ඒ වගේම අපි මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ ණය ගෙවීමේ අර්බුදය. ණය ගෙවීමේ අර්බුදයට අපිට ශක්තිමත් ආර්ථික ක්‍රියාමාර්ග තුළින් විදේශ විනිමය සොයා ගැනීම තුළින් මේ ක්‍රිමාර්ගයට අවතීර්ණ වෙන්න. අපිට ණය දුන් රටවල් වගේම පෞද්ගලික ක්ෂත්‍රයෙ සහයෝගය ලැබෙනු ඇතැයි අප තරයේම විශ්වාස කරනවා. ජාත්‍යන්තරව හා දේශීය ද මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවෙනවා.
ගරු කථානායකතුමනි, ඒ නිසා රජය හැටියට දේශපාලන ස්ථාවරභාවය ඇති කරලා තිබෙනවා රටේ. ආර්ථික ස්ථාවර භාවයට විශ්වාසය ගොඩ නගලා ආර්ථික ස්ථාවරභාවය ඇති කරලා තිබෙනවා. බොහෝ ක්ෂේත්‍රවල ආර්ථිකයේ අඩපණ වුණු අංශ යළි පණ ගැන්වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී බැංකු ක්ෂේත්‍රයත්, ජාතික කර්මාන්ත ක්ෂේත්‍රයන් ද හවුල් කරගත් නව ආර්ථික ක්‍රිමාර්ගයකට අවතීරණය වෙන්නට පුළුවන්. විශ්වාසය මේ ගිවිසුම විසින් ලබාදී තිබෙනවා. මීට වඩා කාලවේලාව ගන්නේ නෑ. විදේශ විනිමය පිළිබඳ තිබුණු අර්බුදයන් හා ගැටලු අවිනිශ්චිත භාවයන් දුරු වෙමින් පවතින බව ගරු කථානායකතුමා ද පිළිගන්නවා ඇති.
අපිට අපේ එකඟ වුණු ව්‍යාපෘති රාශියක් විදේශ රටවල් හා විවිධ ආයතන යළි ඇති කිරීම සඳහා වූ සාකච්ඡා දැන් ආරම්භ වෙලා තිබෙනවා.පසුගිය කාලවල නැවතී තිබුණු ඒ ව්‍යාපෘති ග්‍රාමීය හා යටිතල පහසුකම් පිළිබඳව ද ආරම්භ කරන්න පුළුවන් වී සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. ඒත් එයද රටේ ආර්ථිකය අලුත් පණගැන්වීමට යොමුවනු ඇති බව සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මා විශ්වාස කරනවා පාර්ලිමේන්තුව මේ අමාරු කාල පරිච්ඡේදයට මුහුණ දුන්නු ගමනේ ගොඩ එමින් අලුත් විශ්වාසයකින් ජනිත කරන අවස්ථාවේ අනිවාරෙන් නාස්තිය නතර කළ යුතුයි. අනිවාරෙන්ම දූෂණය නැවතිය යුතුයි. මේක තමයි අපේ රටේ බරපතළම පිළිකාවක් බවට පත් වී තිබෙන්නේ. නමුත් ඒකට ගෙවන්න වෙන්නේ එය පාලනය කර ගැනීමට බැරි වුණොත් විතරයි. අපිට පාලනය කරගැනීමට පුලුවන් වුනොත් මේ දැවැන්ත නාස්තිය හා දූෂණය පිළිබඳව මූණ දෙන අභියෝගය අපි පාර්ලිමේන්තුවක් ලෙස එයට මැදිහත් වී අදාල නිති රිති වලට අදාළව සම්මත වීමට සහයෝගය දක්වන ලෙස ඉල්ලමින් අද අනුමත කර ගැනීමට ඉල්ලා සිටින මේ ගිවිසුම එලෙස සාර්ථක කර ගැනීමෙන් අපට ග්‍රාමීය වශයෙන් සිටින ජනතාව තුළින් තවත් ආර්ථික නිෂ්පාදන වැඩි කර ගැනීමේ මාර්ග වලට දැන් දොරටුව ආරම්භ වෙනවා.
ඒ වගේම තරුණ පරම්පාවට අලුත් ක්ෂේත්‍රවලට පැවසීමෙන්, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසීමෙන් නව ආදායම් මාර්ග යලි උපයා ගැනිමට හැකි අංශ බිහිකර ගැනීමට පුලුවන්කම සඳහා රජය ඉතාම ස්ථාවරව කැපවී වී උත්සහයක යෙදෙන බව මෙහිදී සඳහන් කරන්න ඕන. ඒ වගේම බොහොම ලොකු විවාදයක් සිදු වුණා පළාත් පාලන ක්ෂේත්‍රයේ තරගයට ඉදිරිපත් වී තියෙන අයට වැටුප් හා දීමනා ගෙවන්න කියලා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිසම පළවෙනියෙන් විශ්වාස කළා කරන්න බෑ කියලා. මැතිවරණ කොමිසම සමඟ මා සාකච්ඡාවක් කළා රාජ්‍ය ඇමතිතුමා කිව්වා වගේ ඒ අනුව මැතිවරණ කොමිසම තමනට එසේ නිර්දේශයක් කළ නොහැකි වුවද රජයට ඕන නම් ඒ තීරණය ගන්න කියලා පවතින නීතී රීතී උල්ලංඝනය නොකර කටයුතු කරන්න කියලා.
ඒ නිසා කිරිඇල්ල විපක්ෂයේ සංවිධායකතුමා කිව්වා වගේ ඒ සියලු දෙනාට ඒ රාජකාරියේ වැටුප් ලබා ගැනීමට පුළුවන් සේවයට පැමිණීමට පුළුවන් අවස්ථාවක් අපි එන සතියේ, එන සතියේ ඇති කරනවා. නමුත් මැතිවරණ නීතියක් පවතිනවා. මොකද මැතිවරණ කොමිසමක් මැතිවරණය කල් දාලා මිසක් අවලංගු කරලා නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයද අධිකරණය හමුවේ නඩුවක් තියෙනවා, තව සතියකින් එය විභාගයට ගන්නවා. මැයි මාසයේ 10, 11 යන දිනයන්වල. ඒ නිසා මැතිවරණය නීතිය උල්ලංඝනය නොවන ආකාරයේ කටයුතු කරන්නයි කිරිඇල්ල ගරු මන්ත්‍රීතුමනි, තම ඡන්ද ප්‍රදේශයට බලපෑමක් නොවන කිට්ටුතම ප්‍රදේශයක, ඡන්ද ප්‍රදේශයෙන් පිට වාර්තා කොට, සේවයට හිමි වැටුප් හා රාජකාරී කරන්න ඉඩකඩ සලසා දීමට තීරණයකට අපි එළඹ තිබෙනවා. ඉතින් මම හිතන්නේ නෑ ඒක ලොකු ප්‍රශ්නයක් කියලා. මොකද තමන් තරඟ කරන ගමේ පාසලේ ගමේ පාසලේ තමන් තරඟ කරන තැනම නම් තාම ඡන්දය අවලංගු නැත්නම් තාම ඡන්දය තියලත් නැත්නම්, එතන විදුහල්පතිවරයෙක් හැටියට කටුයුතු කරන්න බැහැ. මේක අපිට අපි නෙමෙයි මැතිවරණ කොමිසම අපිට කියලා තියෙන දේ. මේ වගේ උදාහරණ රාශියක් දෙතහැකි. විශාල ප්‍රමාණයක් ඒකට ගොඳුරු වෙන්නේ නැහැ. කිට්ටුතම තම බල ප්‍රදේශයෙන් ප…