මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන්ට,මැතිවරණ නීතිය උල්ලංඝණය නොවන පරිදි නැවත සේවය කිරීමේ අවසර

    අප්‍රේල් 28, 2023

    පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන්ට,මැතිවරණ නීතිය උල්ලංඝණය නොවන පරිදි නැවත සේවය කිරීමේ අවසරය ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාඅද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ඊට අදාළ ගැසට් පත්‍රය එළඹෙන සතියේ නිකුත් කරන බවද හෙතෙම සඳහන් කළේය.

    ඒ අනුව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන්ට තමා ඡන්දය ඉල්ලන ඡන්ද බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ හිමි වන බව
    අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    එසේම රාජ්‍ය ආයතනවලට ඈත ප්‍රදේශවලින් එන අයට ඒ ස්ථානවලම නැවතත් රාජකාරි කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

    මම මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සම ග සාකච්ඡාවක් කළා.මැතිවරණ නීතිය අනුව තමන්ට එසේ නිර්දේශයක් කළනොහැකි බව මැතිවරණ කොමිසම කිව්වා. මැතිවරණ කොමිසම ඡන්දය කල් දාලා මිසක් මැතිවරණය අවලංගු කරලා නැහැ. මැතිවරණය කල් දැමුවද අවලංගු කර නැති තත්ත්වය යටතේ මැතිවරණ නීතිය කඩා නොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් එම රාජ්‍ය සේවකයින් සියළු දෙනාට නැවත සේවයට පැමිණීමට අවස්ථාව එන සතියේ ලබා දෙනවා''යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya