පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද(28) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
2021 වසරේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ ආදායම බිලියන 2.9ක් බව පැවැසූ ඇමැතිවරයා, අතිකාල දීමනා සඳහා රුපියල් බිලියන 2.3කුත්, වැටුප් ලෙස බිලියන 7කුත් ගෙවීමට සිදු වූ බව කියා සිටියේය.
අතිකාල දීමනා වැඩිදුර ගෙවීමට සිදුව ඇත්තේ විශ්‍රාම යන රියදුරන් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට සිදුව ඇති හෙයින් බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
තෙල් ප්‍රවාහන අවශ්‍යතාවයෙන් දුම්රිය සම්පූර්ණ කරන්නේ සියයට 40ක් බවත් තව සියයට 60ක් ප්‍රවාහනය කිරීමට සිදුව තිබෙන බවත් ඇමැතිවරයා කියා සිටියේය.
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට සහය දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව හෙතෙම කීවේය.