මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකා එක්සත් ජනපදය අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා මත පැනවූ තහනම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කෙරේ

    අප්‍රේල් 28, 2023

    2023 අප්‍රේල් 26 වැනි දින, වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා මත තහනමක් පනවමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව පළ කරයි

    .මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන දැඩි කනස්සල්ල විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විසින් 2023 අප්‍රේල් 27 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ජුලී චන්ග් මැතිනිය වෙත පළ කරන ලදී.

    ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ඇමරිකා එක්සත් ජනපදය, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති සාකල්‍ය ප්‍රවේශයට අවාසිදායක බලපෑමක් එල්ල කරයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යූහ ශක්තිමත් කිරීමෙහිලා රජය ලබා ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය මධ්‍යයේ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම ද අවාසනාවන්ත තත්ත්වයකි.

    මෙම අභියෝග මධ්‍යයේ වුවද, ප්‍රතිසන්ධාන කටයුතු සිදු කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ක්‍රියා කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya