මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස් වේ - IMF එකගතා පිළිබඳ විවාදයේ ඡන්ද විමසීම අද

    අප්‍රේල් 28, 2023

     පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 සිට පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදයයේ තුන්වන දිනය අදයි.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගන්නා ලද එකගතාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය පෙරේදා ආරම්භ විය. විවාදය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහෙ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ අතර අද තුන්වන දිනටත් එම විවාදය පැවැත් වේ. විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
    දේශිය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව අද පාර්ලිමේන්තුවේදී අනුමත කරගැනීමට නියමිතය. ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya