මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලමේ... මැයි 02 සිට වෙසක් සතියක්

    අප්‍රේල් 27, 2023

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වෙන බව බෞද්ධ කටයුතු ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ,අද(27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04-05 දෙදින තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රි රතනශිලි පිරිවෙන් විහාරයේ ස්ථායේ දි පැවැත්විමට කටයුතු යොදා  තිබේ. මිට සමගාමිව , මැයි මස 02 දින සිට මැයි මස 08 වන දින දක්වා වෙසක් සතියක් ක්‍රියාත්මක බවත්,එක් එක් සේවා පාඨ යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බව ද හෙතෙම සඳහන් කළේය. සරල බව හා චාම් බව පෙරදැරි කරමින්, යථාර්ථය  මෙන්ම අර්ථවත් ලෙසින් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු බව  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය..

    මෙවර වෙසක් උත්සවය සුපුරුදු වෙසක් උත්සවයට වඩා තරමක් වෙනස් බවත්,  ආර්ථික වශයෙන් විවිධ පසුබැම්වලට පත් වෙමින් පවතින අවස්ථාවක පවත්වන බවද හෙතෙම සඳහන් කළේය. එසේ වුවද මෙය වෙස්වළාගත් ආශිර්වාදයක් කරගෙන අර්ථවත් ලෙසින් සැමරිය යුතු බව අමාත්‍යවරයා කීය.

    එසේම දන්සල් පැවැත්විම, සැරසිලි කිරිම,බුදු රුව හා බුදු රුව යොදා ගන්නා ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මේ වන විටත් ලබා දි ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා පවයසි. එසේම කිසිදු විටක බෞද්ධ කොඩිය සැරසිල්ලක් ලෙස යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි. එලෙස සැරසිලි කිරිමට අවශ්‍ය නම්,කහ පැහැති කොඩියක් භාවිත කරන ලෙස ද පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya