මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී මහනුවර සහ දකුණේ බර යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරනවා

    අප්‍රේල් 27, 2023

    ඉදිරියේ දී මහනුවර සහ දකුණේ ස්ථාන දෙකක බර යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    බර යන්ත්‍රෝපකරණ ක්‍රියාකරු පුහුණු පාඨමාලා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    බර යන්ත්‍රෝපකරණ පුහුණු ශ්‍රමිකයින් නිර්මාණය කර ජාත්‍යන්තර වෙළදපොල තුළ රැකියා අවස්ථා ලබා දීම , ජාතික වැදගත් කමකින් යුතු වැඩසටහනක් බවද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිබෙන විකල්ප ක්‍රියාමාර්ග වන්නේ කුමන කෙනෙක් ආණ්ඩු කළද රට ඉදිරියට ගෙන ගොස් සංවර්ධනය කිරීමයි.මෙරට රාජ්‍ය අයවැය පරතරය දැරිය හැකි මට්ටමකට පවත්වාගෙන යාමට සහ මෙරටට ගලා එන විදේශ විනිමය වැඩි කරගැනීම මෙන්ම රටින් පිටවන විදේශ විනිමය අවම කර ගැනීමට සහ විදේශ සම්පත් වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම මෙහි දී අවධාරණය කළේය.
    ඒ අනුව දැනුම ප්‍රාග්ධනය බවට පත්වන ලෝකයේ මෙරට මානව සම්පත ජාත්‍යන්තර වෙළඳපොළට සරිලන පුහුණු ශ්‍රමය සහිත ශ්‍රමිකයින් ලෙස පුහුණු කරවීම බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. මෙය ජාතික වගකීමක් වනබවැහැ හෙතෙම සඳහන් කළ අතර ඒ අනුව ඉදිරියේ දී මහනුවර සහ දකුණේ ස්ථාන දෙකකත් බර යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya