මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF ණය පහසුකම ඉල්ලුවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න

    අප්‍රේල් 27, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ඉල්ලුවේ පැවැති ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට බව සභානායක , අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (27)ප්‍රකාශ කළේය.

    ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවන දිනය වන අද දින විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ තියෙන දේශීය ණය මොනවද? අධිවේගී මාර්ග හැදුවේ කොහොමද? ණය අරගෙන. අධිවේගී මාර්ග වල කොළඹ ඉදන් අද පැය දෙකෙන් කතරගමට යනවා. ණය අරගත්ත එකේ චෝදනවා ගත්ත අයටම දාලා හරියන් නැහැ ඒවා භුක්ති විඳින අයටත් කොටසක් හිමි වෙනවා. මේ සියල්ලම එකතු වෙලා තමයි මෙම ආර්ථික අර්බුදයට  අද ඇවිත් තියෙන්නේ.

    අපි ණය පහසුකම ඉල්ලන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න. මීට පෙර ණය ඉල්ලපු විදියට නෙමේ අපි IMF එකට යන්නේ. අපට ණය ගන්න යද්දි කොන්දේසි එනවා. කිසිම රටකින් කොන්දේසි නැතිව ණය මුදල් ලබා ගත නොහැකියි.රට බංකොලොත් කියල සියළු රටවල් ණය දෙන එක නැවැත්තුවා. එවැනි අවස්ථාවක  තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙම ණය පහසුකම ලබා දුන්නේ. දැන් ඕනම කෙනෙකුට බැංකුවෙන් එල්සී එකක් ඕපන් කරන්න පුළුවන්.

    දූෂණ විරෝධී කෙටුම්පත අද  පාර්ලිමේන්තුවේ සභා ගත කළා.  අද වන විට සංචාරකයින් එනවා. නමුත් ආනයනයන් යම් ප්‍රමාණයක්  සීමා කර තිබෙනවා.

    පවතින අර්බුදයෙන් ගොඩයාම සඳහා ගන්න පුළුවන් පියවර ගනිමින් එහි අවාසිදායක තත්වයන් තිබෙනවා නම්එඒ  පිළිබඳව මාස 06න් හයට  පසුවිපරම් කරමින්, සාකච්ඡා කරමින් ඉදිරියට යා යුතුයි. මේකේ එක කොන්දේසියක් තමයි දූෂණය නැවැත්වීම. නමුත් එහෙන් කියන හැම කොන්දේසියක්ම ඉටු කරන්නේ නැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya