මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගිකයින් කැමති ආකාරයකට බිත්තර මිලදී ගැනීමට අවස්ථාව

    අප්‍රේල් 27, 2023

    පාරිභෝගිකයා කැමති ආකාරයට,  ඒකකයක මිලට හෝ කිලෝවක මිලට යටත්ව බිත්තර මිලදී ගැනීමට නව ගැසට් පත්‍රය මගින් අයිතිවාසිකමක් ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පවසයි.

    එක්තාරා වෙළඳ ආයතනයක් බිත්තර කිලෝ වශයෙන් විකිණීමට සූදානමක් ඇති බවත් එසේ විකුණන ලද ස්ථානයක් එම අධිකාරියේ නිලධාරීන් වැටලීම් සිදුකර නීතියට ඉදිරිපත් කරන ලද බවත් හෙතෙම සඳහන් කළේය. මේ වන විට බිත්තර කිලෝ වශයෙන් විකිණීමේ ක්‍රමවේදයක් ලංකාව තුළ නොතිබූ බවත් වෙළදුන් මෙසේ විකිණීමට හේතුව පාරිභෝගික සේවා අධකිකාරිය නියම කළ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට විකිණීම බවද ඒ මහතා පෙන්වා දේ.
    මෙය බිත්තර විකිණීමේ උපක්‍රමයක් ලෙස වෙළදුන් යොදා ගත් බවත් එබැවින් පාරිභෝගිකයාට  ඒකකයක් හෝ කිලෝ වශයෙන් ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටී.නව ගැසට් පත්‍රය අනුව සුදු බිත්තරයක මිලරුපියල් 44ක් සහ එහි කිලෝවක් සඳහා රුපියල් 880ක් ලෙසත් මිල නියම කර තිබේ.එසේම රතු බිත්තරයක් රුපියල් 46ක් සහ කිලෝවක් රුපියල් 920ක් වශයෙන් මිල නියම කර ඇත.එ් අනුව පාරිභෝගිකයාට බිත්තර මිලදී ගැනීමේ අවස්ථා දෙකක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා බිත්තර 5ක් වැනි ප්‍රමාණයක් මිලදී ගන්නේ නම් ඒ සඳහා ඒකකයකට අය කරන මිල අය කළ යතු බව පෙන්වා දේ.
    නව ගැසට් පත්‍රය අනුව තමන් කැමති ආකාරයකට බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයාට අයිතිවාසිකම පවතින බව පැවසූ ඒ මහතා කිසිදු වෙළෙන්දෙකුට බිත්තර කිලෝ වශයෙන් පමණක් හෝ ඒකක වශයෙන් පමණක් විකුණන බවට පැවසිය නොහැකි බවද අවධාරණය කළේය.එසේම පාරිභෝගිකයාට බිත්තර ඒකකයක මිලට යටත්ව හෝ කිලෝවක මිලට යටත්ව  මිලදී ගැනීමට හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya