මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූපවාහිනී සහ ගුවන් විදුලි බලපත් විධිමත් ආකාරයෙන් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරනවා

    අප්‍රේල් 27, 2023

    ගුවන් විදුලි සහ රූපවාහිනී සඳහා වඩාත් විනිවිද පෙනෙන ආකාරයෙන් බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම් පතේ බොහෝ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    ලියාපදිංචි කළ රූපවාහිනි නාලිකා 25 ක් හා ගුවන් විදුලි නාලිකා 51 ක් රටතුළ පවතින අතර ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකා වලට බලපත්‍ර ලබාදීම් සම්බන්ධයෙන් අවධානය ‍ යොමුකිරීමේදී බරපතල විෂමතාවයන් දක්නට ලැබෙන බවද ඇමතිවරයා පැවසීය. කිසිඳු විධිමත් හා ක්‍රමවත් බවක් නොමැතිව බලපත්‍ර ලබාදුන් නාලිකා තිබෙන අතර මේවා කිසිවකට “අපි කව්රුත් වග උත්තර කරුවන් නොවන “ බවද ඇමතිවරයා පැවසීය.ඒ ඒ මොහොතේ ඇතිවූ තත්ත්වයන් අනුව බලපත්‍ර ලබාදීම් සිදුවී ඇති අතර එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයිද ඇමතිවරයා පැවසීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ විනිවිද භාවයක් හා ඉහළ මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටි බවත් ඒ අනුව මේ සඳහා විශේෂ අනුකාරක සභාවක් පත් කර ඇති බවයි. එම අනු කාරක සභාවේ සභාපතිත්වය අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා දරන බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
    මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ එම අනුකාරක සභාවේ ක්‍රියාකාරී සැළැස්ම සකස් කරමින් සිටින බවයි. එම වාර්තාව ඉදිරි සති දෙකක් ගතවන විට මාධ්‍ය ආයතන වලට , පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හා මේ වෙනුවෙන් උනන්දුව දක්වන ඔ්නෑම කෙනෙකුට මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබාදී සාකච්ඡා කිරී‍මන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya